English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


දයාන් ලංසා වහාම අත්අඩංගුවට ගන්නැයි උද්ඝෝෂණ !.
පසු ගිය ජුනි 02 දා මීගමු නගර සභා භූමියේදී මාධ්‍යවේදි ප්‍රෙඩි ගමගේට එල්ල කර ප්‍රහාරය හෙළා දකිමින් සහ ඊට මුල් වු මීගමුව නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසාව අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් මාධ්‍ය ක්‍රියාකාරින්, දේශපාලන පක්ෂ නියෝජිතයන් හා සිවිල් ක්‍රියාකාරින් එක්ව විරෝධතාවක් කොළඹ කොටුවේ දී හා මාතරදී  ඊයේ විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබුනි. මෙහි දී මෙම ප්‍රහාරයේ වගකිය යුත්තන් වහාම නීතිය ඉදිරියට ගේන්නැයි බලකරමින් පසුගියදා කුරුණෑගලින් ආරම්භ කල මහජන පෙත්සමද මෙහිදී අත්සන් කෙරිණි.

මෙම ප්‍රහාරයට පැමිණි පුද්ගලයන් දෙදෙනා පැය 48 යන්නට පෙරත් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුවද සිද්ධිය මෙහෙය වූ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය අපොහොසත් වී තිබේ. මෙම ප්‍රහාරය මෙහෙය වුයේ මීගමු නියෝජ්‍ය නගරාධිපති දයාන් ලන්සා බවට එක හෙලාම පොලිස් පැමිණිල්ලේ හා මාධ්‍යට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලද ඔහුව නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කිරීමට නොහැකිවීම කනගාටුවට කරුණකි.

මහින්ද රෙජීමය පරදා යහපාලන ආණ්ඩුවක් බිහිකලද තවමත් මෙය පාලනය කරන්නේ  මහින්ද රාජපක්ෂගේ මැරකල්ලි විසින් බව තව දුරටත් තහවුරු වන අතර ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය රජය විසින් තහවුරු කරමින් සිටින අතරේ මෙවැනි මැරයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකිරීම යහපාලනයේ සැබෑ ගුණාංගයන් යටපත් කරන්නක් බව මෙයින් පෙනී යයි.


උපුටා ගැනීම - http://www.right2lifelanka.org

-  මෙලනි 



2016-06-21
Advertisement

Find us on Facebook