English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා වන විද්වත් හමුව

විධායක ජනාධිපති ක‍්‍රමය දැන් කාටත් එපාවී ඇති බව නොරහසකි. ප‍්‍රධාන විපක්‍ෂය ඇතුළු පක්‍ෂ ගණනාවක පොදු අවශ්‍යතාවය සහ එකඟතාවය ද වී ඇත්තේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරිමයි. මෙම අවශ්‍යතාවයෙහි ප‍්‍රමුඛව පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි ද වෙයි.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව මාදුළුවාවේ සෝභිත හිමිගේ ප‍්‍රධානත්වයෙන් අද පස්වරු 2 ට කොළඹ නව නගර ශාලාවේදි පැවැත්වෙයි.

විද්වත් හමුවත් සමඟම විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතු බවට රට පුරා ජනතාවගෙන් අත්සන් ගැනීමේ වැඩසටහන ද මෙහිදි ආරම්භ කරන බව සංවිධාකයින් පවසයි.

මෙම විද්වත් හමුව සඳහා විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ප‍්‍රජාතන්ත‍්‍රවාදි පක්‍ෂයේ නායක සරත් ෆොන්සේකා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර රුහුණු ජනතා පක්‍ෂයේ මහ ලේකම් අරුණ සොයිසා හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක යන මහත්ම මහත්මීන් ඇතුළු දේශපාලන පක්‍ෂ හා සංවිධාන රැසක නායකයින් හා විද්වත්හු එක්වනු ඇත.




2014-07-24
Advertisement

Find us on Facebook