English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අවි තොගයක් මන්නාරමෙන් !
ගොඩගත් අවි වලින් කොටසක්

සාලාව අවි ගබඩාවෙන් විනාශ වුණු අවිවල අඩුව පිරිමසා ගන්නට පුංචි පහේ උදව්වක් දෙමින් දෝ, මන්නාරමේ මහ පොළොවෙන්, වළදා තිබු අවි තොගයක් මතු වී ඇතැයි වාර්තා වෙයි. ඇත්තෙන්ම එය එල් ටී ටී ඊය විසින් වළ දැමුවක් ද නැතහොත් වෙනත් පාර්ශවයක් විසින් වෙනත් වෙනත් උවමනාවන් සඳහා ඒ ඒ කාලයන්හිදි ,අවශ්‍ය වු විටෙකදී ප‍්‍රයෝජනයට ගැනිම සඳහා දෙමළ මිනිසුන් බහුතරය ජීවත් වන ප‍්‍රදේශයක එසේ වළදා ඇත්ද යන්න ද ප‍්‍රශ්නයකි ?

එමෙන්ම,  මන්නාරමින් ගොඩ ගන්නා ලද මෙම අවි තොගය පිළිබඳව ගුවන් හමුදාවට මෙම හෝඩුවාව දී ඇත්තේ කවුරුන් ද ? මන්ද අවි තොගය ගොඩගත් ස්ථානය වල්වැදී ඇති ස්ථානයක් බවට හඳුන්වා දී ඇති අතර, එසේ නම් එය සාමාන්‍ය පුද්ගලයෙකුගේ දර්ශන පතයට හසුනොවිය යුතු එහෙත් එම ස්ථානය පිළිබඳ ඉතා හොඳ ඉවක් ඇත්තෙකු විසින් හෙළි කළ යුත්තකි.  

එසේනම් මෙම හෝඩුවාව දිය යුත්තේ එදා අවි භාවිතා කළ එල් ටී ටී ඊ ය හා සම්බන්ධ අයෙකු හෝ එම අවි හඹා ගිය අංශයේ අයෙකු විසින් වන්නට හැකිය.

කෙසේ්වෙතත් මෙහිදී වැදගත් වන්නේ ගොඩගනු ලැබු එම අවි භාවිතා කළ වුවන් සෙවීමට වඩා වළලා ඇති අවි පිළිබඳව එසේ හෙළදරව් කිරිමට පාදක වු හේතුව කුමක්ද යන්න පිළිබඳව සෙවීමට ඉක්මන් වීමය. එම පසුබිම,  සාමය සංහිදියාව ඇතිකිරිම සඳහා හේතුවක් විමට හැකියාව ඇති හෙයිනි.

ලැබුණු තොරතුරකට අනුව, මන්නාරම මඩු පළාතේ පාලම්පිඞ්ඩි ප‍්‍රදේශයෙන් මෙම අවි තොගය සායාගෙන ඇත්තේ මන්නාරම ගුවන් හමුදාව විසින් බවත්, එල් ටී ටී ඊ ය විසින් පවත්වාගෙන ගිය යුධ බංකරයක් යට එම යුධ උපකරණ තොගය වළලා තිබු අතර මේ වන විට එම ප‍්‍රදේශය වල් බිහිවී ඇති බවත් එම පුවත සඳහන් කරයිි.

එම පුවතේ ප‍්‍රකාශ කරන ආකාරයට, වළදා තිබු ගුවන් හමුදාව විසින් ගොඩගනු ලැබ ඇති එම අවි අතර බිම් බෝම්බ 74ක් , මෝටාර් උණ්ඩ 06ක් , අත් බෝම්බ 03ක් සහ කුඩා අත් බෝම්බයක් සමඟ තවත් යුධ උපකරණ රැුසක් තිබි ඇත. මෙම අවි තොගය ගොඩගන්නා අවස්ථාවට මන්නාරම දිසා විනිසුරුවරයා සහා පොලිස් නිළධාරීන් එම ස්ථානයට වාර්තාකර ඇති බව ද සඳහන් වෙයි.

-    මෙලනි



2016-06-18
Advertisement

Find us on Facebook