English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


කටුනායක ගුවන්තොටුපලේ දී දූෂණය වූ කතගේ වන්දි නඩුව විභාගයට
මීට අවුරැදු 10කට පෙර එනම් 2005.10.10 වන දින 23 හැවිරිදි එක් දරැ මවක් වූ කුරැණෑගල, බණ්නක්ගම පදිංචි නිලුකා මහත්මිය කුවේට් දේශයේ රැකියාවකට පිටත් වීම සඳහා සුදානමින් කටුනායක ගුවන් තොටුපලේ සිටියදී ගුවන්තොටුපල ආරක්ෂක අංශයේ නිලධාරීන් කීප දෙනෙකු විසින් ඇයව දුෂණය කිරීමේ සිද්ධිට අදාළව ඇය විසින් විසින් වන්දි ඉල්ලා ඉදිරිපත් කර තිබු අංක 12242M දරණ  නඩුව මීගමුව දිසා අධිකරණය විසින් අද විභාගය සදහා (17) කැඳවිය. නමුත් විත්තිකරුවන්ගේ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් පැමිණ නොසිටීම හේතුවෙන් මීගමු දිසා අදිකරණය විසින් මෙම නඩුව යලි සැප්තැම්බර් 02 දක්වා කල් දමන ලදී.


නිලුකා ගෘහ සේවය සඳහා කුවේට් රට බලා පිටත්වීම සඳහා කටුනායක ගුවන් තොටුපොලට පැමිණි අවස්ථාවේ එහි සිටි ආරක්ෂක නිලධාරීන් කීප දෙනෙකු විසින් ඇයව රැගෙනගොස් බලහත්කාරයෙන් දියර වර්ගයක් පොවා සිහිය නැතිකර දුෂණය කර ඇති බවට ඇය විසින් කටුනායක පොලිසියේ කල පැමිණිල්ලේ සඳහන් වෙයි. පසුව කටුනායක පොලිසිය විසින් මෙම සිද්ධිය සම්බන්දයෙන් පුද්ගලයන් 05 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර හඳුනාගැනීමේ පෙරට්ටුවක් මඟින් ඇය විසින් එක පුද්ගලයෙකු හඳුනාගෙන තිබේ. පසුව සැකකරුවන්  බන්ධනාගාර ගතකිරීමෙන් අනතුරුව ඇපමත නිදහස් කර තිබේ.

මේ වන විට මෙම දූෂණය සිද්ධිය සම්බන්දයෙන් නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර ඇති අතර ඊට අදාල නඩුව ද මීගමු මහා අධිකරණයේ විභාග වේ. මෙම නඩු දෙකම මේ තත්ත්වය ගෙන ඒම සදහා අවුරැදු 10 ක් තිස්සේ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය විසින් නීතිමය අංශයේ උපරිම මැදිහත් වීමක් සිදුකරයි.

උපුටා ගැනීම - http://www.right2lifelanka.org




2016-06-17
Advertisement

Find us on Facebook