English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


තාජුඞීන් සම්බන්ධයෙන් හිටපු පොලිස්පතීත් නීතිය ඉදිරියට !

සුප‍්‍රසිද්ධ රග්බි ක‍්‍රිඩක වසීම් තාජුඞීන්ගේ මරණය සැක සහිත බවට කොළඹ අපරාධ කොට්ඨාශයේ රහස් වාර්තාවකින් එවකට සිටී පොලිස්පතිවරයාව දැනුවත්කර තිබියදීත් 2015 වසරේ ආණ්ඩු පෙරලිය සිදුවන තුරු ම එම පරීක්‍ෂණ කටයුතු රහස් පොලීසියට භාරදී විධිමත් ආකාරයකට සිදුනොකිරීම ගැටළු සහගත බව විමර්ශන වලින් අනාවරණය වී ඇති බැවින් ඉදිරියේදි හිටපු පොලිස්පතිවරයාගෙන් ප‍්‍රශ්න කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සුදානම් වෙයි.

වසීම් තාජුඩින් ඝාතනය වී ෂතියක් යන්නටත් මත්තෙන් එම අනතුර, රිය අනතුරක් නොවන බවට සැකයක් පවතින බවට දන්වා සිටිමින් එවකට පොලිස්පතිවරයාව සිටී එන් කේ ඉලංගකෝන් හට රහස් වාර්තාවක් ලබාදී ඇතැයි ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරමින් පවතින පරීක්‍ෂණ වලදි අනාවරණය වී ඇතැයි වාර්තා වෙයි.

කොළඹ අපරාධ කොට්ඨාශයේ එවකට අධ්‍යක්‍ෂව සිටී ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි ඞී ආර් එල් රණවීර හට පොලිස්පතිවරයා විසින් පෞද්ගලීකවම කථාකොට එකී වාර්තාව ගෙන්වාගෙන ඇතැයි විමර්ශන වලදී හෙලි වී ඇත.

එහෙත් තාජුඞීන්ගේ මරණය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශයට කිසිඳු විමර්ශනයක් භාරදී නැති බව පරීක්‍ෂණ වලදි අනාවරණය වී තිබේ.

-මෙලනි  






2016-06-14
Advertisement

Find us on Facebook