English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මීපුර කතෘට පහරදීමේ නඩුව හෙට......
 මීපුර පුවත්පතේ හා මීපුර වෙබ් අඩවියේ කතෘ හා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංවිධානයේ කැඳවුම්කරු  ප්‍රෙඩී ගමගේ මහතාට පසුගියදා එල්ල කල ප්‍රහාරයට සම්බන්ද නඩුව හෙට (14) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතයි. මේ සම්බන්දයෙන් මීගමු පොලිසිය විසින් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් එක් අයෙක් මීගමුව නගර සභාවේ සේවකයෙකි. ඔවුන් පවසන්නේ ප්‍රෙඩී මහතා සමඟ තිබූ පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම පහර දීම සිදුකල බවයි. කෙසේ වෙතත් ප්‍රෙඩී මහතා විසින් කල පැමිණිල්ලේ මේ ප්‍රහාරයට වග කිය යුතු මහා මොළ කරුවන්ගේ නම් සඳහන් කර තිබුනත් මීගමුව පොලිසිය විසින් ඔවුන් වෙනුවෙන් කිසිඳු ක්‍රියාමාර්ගයක් මෙතෙක් ගෙන නොමැත.


මෙම සිද්ධිය සම්බන්දයෙන් මාධ්‍යට අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී රොයිස් විජිත මහතා ප්‍රකාශකර සිටියේ අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ දුරකථන සංවාද පිරික්සීමේදී අදාළ සමාගම් ඉදිරිපත් කල දුරකථන සංවාද වාර්තා වලට අනුව සිද්ධිය වීමට පෙර මීගමුව නියෝජ්‍ය නගරාධිපති දයාන් ලන්සා සමඟ සැකකරුවන් දුරකතන සංවාද කිහිපයක් සිදු කර ඇති බවයි.

කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් පෙනී යන්නේ මෙම පහරදීම පුර්ණ වශයෙන් දේශපාලන පළිගැනීමක් මත සිදු වූ පහරදීමක් බවයි. නමුත් මෙම සිද්ධියේ මහා මොළකරුවන්ව ආරක්ෂා කරමින් සත්‍ය වසන් කිරීම සඳහා කටයුතු කරන බවට මීගමුව පොලීසිය වෙත දැනටමත් චෝදනා එල්ල වී තිබේ. යහපාලන රජයේ සිට මහින්ද රාජපක්ෂ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන හා යහපාලන ආණ්ඩුව බිඳ දැමීමට ක්‍රියා මෙවැනි බලවේග සඳහා තවමත් පොලිසිය විසින් ආරක්ෂාව දීම හා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීම යහපාලන ආණ්ඩුව හමුවේ ඇති බරපතල අභියෝගයකි.

මේ අතර වයඹ මාධ්‍යෙව්දීන්ගේ සංගමය හා සිවිල් සංවිධාන කිහිපයක් එක් වී ප්‍රෙඩී ගමගේ මහතාට සිදු කළ පහරදීම පිටුපස සිටින මීගමුවේ දේශපලනඥයින් වහා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ජනතා පෙත්සමක් අත්සන් කිරීම අද දින කුරැණෑගල නගරයෙන් ආරම්භ කර තිබුනි.

උපුටා ගැනීම - http://www.right2lifelanka.org



2016-06-13
Advertisement

Find us on Facebook