English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


වීදියේ විරෝධයට පහරදීමේ නඩුව 15 වෙනිදා
2014.12.22 දින වීදියේ විරෝධය සංවිධානය කල විරෝධතාවයට හම්බන්තොට නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු ඇතුළු පිරිසක් ගිනි අවි රැගෙනවිත් කල පහර දීම සම්බන්ද නඩුව 2016.06.15 දින නැවත කැඳවන බව හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය විසින් පහර කෑමට ලක්වූ ප්‍රවීන ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර, මාධ්‍යවේදී සම්පත් සමරකෝන්, රයිට් ටු ලයි සංවිධානයේ ප්‍රසංග ප්‍රනාන්දු හා එවකට හම්බන්තොට මහ නගර සභාවේ විපක්ෂ නායක අයුබ් කාන් යන අය වෙත සිතාසි මඟින් දැනුම් දී තිබේ.


විධියේ විරෝධය කණ්ඩායමට පලමු ප්‍රහාරය අනුරාධපු එප්පාවල දී  එල්ල වූ අතර හම්බන්තොට නගර මධ්‍යයේ දී සිදු වූ මෙම දෙවන ප්‍රහාරයෙන් ජයතිලක බණ්ඩාර ඇතුළු ඉහත සදහන් අය රෝහල්ගත කිරීමට සිදු විය. මෙම ප්‍රහාරය සිදු කළ මැරයන් කොතරම් බලවත් ද යන්න පැහැදිලි වන්නේ ප්‍රහාරයට ලක්වූවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරිපත් වීමට නීතීඥයකු හම්බන්තොටින් සොයා ගැනීමට නොහැකි වීම මතහයි. මෙම නඩුව සදහා පැමිණිලි කරැවන්ට  නීතිඥවරු කොළඹින් ගෙන යාමට සිදු වී තිබේ

එමෙන්ම, මෙම නඩුවේ බරපතලම කාරණය වන්නේ හම්බන්තොට පොලිසිය විසින් නගරාධිපතිට එරෙහිව අධිකරණයට ඉදිරිපත් කල චෝදනා පත්‍රයේ ප්‍රහාරය සඳහා ගිනි අවි භාවිතා කල බවට සඳහන් නොවීමයි. නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයෙක් වීම හා සුළු තුවාල සිදු කිරීමේ චෝදනා යටතේ පමණක් පොලිසිය විසින් නගරාධිපතිට එරෙහිව චෝදනා ගොනු කර ඇත.

මේ හේතුවෙන් ගියවර වීදියේ විරෝධය සංවිධානයේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරිපත් වූ නීතීඥ සේනක පෙරේරා කරුණු දක්වමින් අධිකරණය හමුවේ කියා සිටියේ මෙම චෝදනා පත්‍රය අනුව නඩුව විභාග කලොත් අගතියට පත් පාර්ශවයට යම් අසාධාරණයක් සිදුවන බැවින්  චෝදනා පත්‍රය නැවත සංශෝධනය කොට ගිණි අවි භාවිතාව සම්බන්ධ චෝදනා ගොනු කරන ලෙසට හා මෙම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කිරීමට පොලිසියට නියෝග කරන ලෙසයි.

ඒ අනුව මේ සම්බන්ධව කරැණු දැක්වීම සදහා හම්බන්තොට සහකාර පොලිස් අධිකාරී අධිකරණය වෙත කැදවනු ලැබු අතර, ගියවර ඔහු අධිකරණය වෙත නොපැමිණීම නිසා ඒ පිළිබදව අධිකරණයේ නොසතුට ප්‍රකාශ කරමින් මේ සම්බන්ධව කරැණු දැක්වීම සදහා දකුණු පාලාත් භාර නියෝජ්‍ය පොලිස්පති වරයා අධිකරණයට කැදවීමට තීරණය කරන ලදී. එමෙන්ම නැවත දන්වන තුරැ අධිකරණය පැමිණිමේ අවශ්‍යතාවයක් නොමැති බවද පැමිණිලිකරැවන් වෙත දන්වනු ලැබීය.

උපුටා ගැනීම - http://www.right2lifelanka.org



2016-06-13
Advertisement

Find us on Facebook