English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


වැලිවේරිය ජල අර්බුදය තවමත් මුලාවක් ද ?
 

වැලිවේරිය, රතුපස්වල වෙනිග්‍රෝස් කර්මාන්ත ශාලාව වසා දමා ඇතැයි අදාළ බලධාරින් ජනතාවට දන්වා තිබිණි. එහෙත් එය එසේ නොවන බවට ජල අර්බුදයෙන් බැට කෑ ජනතාව කීහ. රජයේ වසා දමා ඇති එම කර්මාන්ත ශාලාව තවදුරටත් ක‍්‍රියාත්මක වන්නේයැයි පෙත්සම්කාර පාර්ශවය අද අධිකරණයට කීහ.

මනුෂ්‍ය ඝාතන තුනක් සිදුකරමින් , තවත් තුවාලකරුවන් රැුසක් ද දේපල හානි ද ඇතිකරමින් සහ යුධ හමුදාවට විශාල කළු පැල්ලමක් ද තබාගැනිමට ඉඩකඩ සලසා දුන් වෙනිග්‍රෝස් කර්මාන්ත ශාලාවට එරෙහිව ගොණුකර තිබු පෙත්සම කැඳවු අවස්ථාවේදි, රජයේ පාර්ශවයේ නිතිඥවරයා කියා සිටියේ කර්මාන්තශාලාව වසා දමා ඇති බවත්, එය බියගම ආයෝජන ප‍්‍රවර්ධන කලාපයට ගෙනගොස් ඇති බවත් ය.

කර්මාන්තශාලාවේ පාලකයින් වෙනුවෙන් පෙනී සිටී නිතිඥයින් කියා සිටියේ කර්මාන්තශාලාව තුන්වන පාර්ශවයකට විකිණිමට පියවර ගත් බවයි.
එහෙත් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා, රවින්ද්‍රනාත් දාබරේ කියා සිටියේ එම ප‍්‍රකාශයන් සත්‍යය නොවන බවයි. ප‍්‍රදේශ ගණනාවක පානීය ජලය දුෂණය කරමින් පවත්වාගෙන ආ එකී කර්මාන්තශාලාව තවදුරටත් ක‍්‍රියාත්මකවන බවයි. එබැවින් සත්‍ය තත්ත්වය පැහැදිළිකර ගැනීම සඳහා අභියාචනාධිකරණය විසින් නඩු විභාගය කල් දමනු ලැබ ඇත.  

ගම්වාසින් මුලාකිරිම සඳහා රජය සහ කර්මාන්තශාලා පාර්ශවය එකතුවී අටවා ගනු ලැබු උගුලක් යැයි පෙත්සම ගොණුකළ සියනෑ ජලය සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු ප‍්‍රමිත හෙට්ටිආරච්චි සඳහන් කළේය.

”කර්මාන්තශාලාව විකුණා ඇති බවට අධිකරණය හමුවේදි ප‍්‍රකාශ වුනා, අලූත් හිමිකරුවන් නැවතත් පැරණි කර්මාන්තයම ආරම්භ කළහොත් පරිසර ප‍්‍රශ්නය නැවතත් මතුවන්නට පලූවනි. එ් නිසා මේ ජල දුෂණයට බලපාන කර්මාන්ත ශාලාව අදාළ ස්ථානයේ ස්ථාපිත නොකරන බවට රජය ජනතාවට සහතිකයක් ලබාදිය යුතු යැයි” ප‍්‍රමිත හෙට්ටිආරච්චි පැවසීය.
   
මහත් අර්බුදයකට යොමු වු වැලිවේරිය ජල අර්බුදය සමතයකට පත්කිරීම සඳහා පසුගිය වසරේදි ජනාධිපති රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ සාකචඡ වට පැවත්වු අතර එහිදි ගත් එක් තීරණයක් වුයේ අර්බුදකාරි වෙනිග්‍රෝස් කර්මාන්ත ශාලාවේ ක‍්‍රියාකාරිත්වය සම්පුර්ණයෙන් ම නවතා දමා, බී  ඕ අයි කලාපයට අයත් ප‍්‍රදේශයක ස්ථානගත කරන බවයි. ජනාධිපතිවරයා විසින් එසේ තීන්දුවක් ගෙන එය ක‍්‍රියාත්මක කරවන්නට නියෝග කළ විට එය එසේ සිදුනොවුයේ එය ද ජනතාව මුලාකරවන්නට ගත් උත්සාහයක් දැයි ජනතාව විමසති.




2014-07-23
Advertisement

Find us on Facebook