English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


තාජුඩින් ඝාතනය හා සම්බන්ධ පාපොච්චාරණ අවසන්

ආන්දෝලනාත්මක මරණයක ගොදුරක් වුණු සුප්ප‍්‍රසිද්ධ රගර් ක‍්‍රිඩක වසීම් තාජුඞීන් ගේ ඝාතන නඩුවේ සැකකරුවක වන නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් කුමාර විසින් අතිරේක මහේස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් ඉදිරියේ අද (ජුනි 10) රහසිගත ප‍්‍රකාශයක් සිදුකළ බව  වාර්තා වෙයිි.

හිටපු ස්ථානාධිපති සුමිත් කුමාර විසින් අද දහවල් 12.05 සිට පස්වරු 2.10 දක්වා කාලයක් තුළදී මහේ්ස්ත‍්‍රාත්වරයාගේ නිල මැදිරියේ දි මෙම රහසිගත ප‍්‍රකාශය ලබාදී ඇති අතර, ඔහු එම ප‍්‍රකාශය සිදුකරන අවස්ථාවේදි මහේස්ත‍්‍රාත් නිල කාමරය තුළ කිසිවෙක් නොසිටිය බව ද වාර්තා වෙයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාපෝච්චාරණයක් කිරිම සඳහා හිටපු ස්ථානාධිපති සුමිත් කුමාර විසින් සිව් වතාවක් අධිකරණයෙන් අවසරය ඉල්ලා ඇති අතර ඒ අනුව අද එම අවස්ථාව ලබා දී ඇත.  

වසීම් තාජුඞීන් ගේ ඝාතනය සම්බන්ධ තොරතුරු වසන් කිරීමේ හේතුවෙන් බස්නාහිර පළාත් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් කුමාර ද රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටිති.
 

-    මෙලනි



2016-06-10
Advertisement

Find us on Facebook