English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


පොලිස් කොමිසමෙන් පොලිස් ආචාර්ධර්ම පද්දතියක්

  
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය ඇතුළු වධහිංසාවට හා මානව හිමිකම් කඩවීමට එරෙහිව කටයුතු කරනු ලබන සිවිල් සංවිධාන හා නීතිඥවරුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් අද ප.ව 1.00 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී  ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සිරී හෙට්ටිගේ, ලේකම් ආරියදාස කුරේ මහතා ඇතුලු කොමිසමේ නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්විය.

නව කොමිසම පත් වී දැනට මාස 6 ක් ගත වී ඇති අතර මෙම කාලය තුල කොමිසම විසින් පොලිස් ක්‍රමය දියුණු කිරීම සදහාත්, පොලිස් වධහිංසාව ඇතුලු වෙනත් නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීම සදහාත් විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ වධහිංසා කමිටුව වෙත රජය විසින් ඉදිරිපත් කළ ඇති වාර්තාව සම්බන්ධව කොමිසමේ මතය දැනගැනීම හා සිවිල් සංවිධාන සමග අනාගතයේ කොමිසම කටයුතු කරණු ලබන ආකාරය ඇතුලු කරණු ගණනාවක් පිළිබදව සාකච්ඡා කිරීම සදහා මෙම හමුව පැවැත් විය.

මෙහි දී සභාපතිවරයා ඇතුලු නිලධාරීන් සිවිල් සමාජ නියෝජිතයන් ඉතා ඉහලින් පිළිගනිමින් කොමිසමේ පසුගිය ක්‍රියා කාරීත්වයත්, ඉදිරි ක්‍රියා මාර්ග පිළිබදවත්, ඔවුන් මුහුණ දී ඇති ගැටලු පිළිබදවත් ඉතා විවෘත අදහස් දැක්වීමක් සිදු කරනු ලැබීය.

එමෙන්ම, පොලිස් කොමිසම විසින් පොලිස් ආචාරධර්ම පද්දතියක් සම්පාදනය වෙමින් පවතින බවත් එය එක දිනක දී සියලුම පොලිස් නිලධාරින් වෙත ඉදිරිපත් කරමින් එම ආචාරධර්ම පිළිපදින බවට වන පොරොන්දුවක් මත පිළිගැන්වීමට සැලසුම් කර ඇති බවත් පොලිස් කොමිසම විසින් මෙහිදී පැවසීය.

 





2016-06-07
Advertisement

Find us on Facebook