English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ඔහු මට බලපෑම් කළා! තර්ජනය ද කළා!!

හලාවත ප‍්‍රදේශයේ සිට ක‍්‍රියාත්මක වනවා යි කියනු ලබන මානව හිමිකම් සංවිධානයක් විසින් යම්කිිසි සිද්ධියක් සම්බන්ධයෙන් වාර්තා කරන ලෙසට දිගින් දිගටම බලපෑම් කළ බවත් තර්ජනය කළ බවත් එය තමන්ගේ ජිවිතයට හා නිදහස් මාධ්‍ය වෘත්තියට  බාධාවක් වන බවත්, එබැවින් තමන් මේ පිළිබඳව හලාවත පොලිස් අධිකාරි කාර්යාලයේ  පැමිණිල්ලක් දැමු බවත් නිදහස් මාධ්‍යවේදියෙකු අයිතියට ප‍්‍රකාශ කළේය.

ප‍්‍රසාද් පූර්ණමාල් ජයමාන්න වන මෙම ජනමාධ්‍යවේදියා ප‍්‍රකාශකළ ආකාරයට පසුගිය සතියේදි පුවත්පත් කිහිපයකට සහ වෙබ් අඩෙවි කිහිපයකට එක් ප‍්‍රදේශීය මාධ්‍යවේදියෙකු විසින්  ලබාදි, පලකර තිබු මහත් ආන්දෝලනාත්මක පුවතක් සම්බන්ධයෙන්, ඔහු එම පුවත ඔහුට අදාළ ජනමාධ්‍යයන් වල ප‍්‍රචාරය නොකීරිම මත ඔහුට තදබල බලපෑමක් හා තර්ජනයක් එල්ලවී ඇත.

පුවත නම්, ”මාව නිරුවත් කරල මිරිස් ගාලා පහර දුන්නා. වතුර ඉල්ලූවාම කටට මුත‍්‍රා කළා.”යන්නයි. ප‍්‍රසාද් පූර්ණමාල් සඳහන් කළේ මෙම පුවත සත්‍යය සිද්ධියට වඩා වෙනස් පුවතක් බවයි. සම්පුර්ණ වශයෙන් නිවරැුදිභාවය පැහැදිළිව දැකිය නොහැකි සිද්ධින් පිළිබඳව හෝ සෑහිමකට පත්විය නොහැකි ප‍්‍රවෘත්ති ඔහුගේ ප‍්‍රවෘත්තියක් ලෙසට පල නොකරන බවයි.
 
පූර්ණමාල් අයිතිට ප‍්‍රකාශකළ ආකාරයට, ”පසුගිය 08වන දින(ජුලි මස) දහවල් 11.30 ත් 12.30ත් අතර කාලය තුළ වසන්ත කුමාර යන අය මා හට දෙවරක් දුරකථනයෙන් කථාකරලා මට තර්ජනයකරලා කියා සිටියා හලාවත පොලිස් ස්ථානයේ නොවිසදුණු අපරාධ විසදීමේ ඒකකයේ නිලධාරීන් සිදුකළ පහරදීමක් පිළිබඳව වාර්තා කරන්න කියා. පොලීසියත් එක්ක වසන්ත කුමාර කලෙක පටන් ආරවුල් තත්ත්වයක් තිබෙනවා. ඒ  හේතුව නිසාම මම මොහුට කීවා මේ පිළිබඳව සොයා බලලා මම වාර්තා කරන්නම් කියා. මීට පෙරත් මට ඔහුව හමුවු අවස්ථාවලදිත් ඒවගේම දුරකථනයෙනුත් මා සමඟ කියා තිබුණා හලාවත පොලීසියේ නිළධාරීන් ඔහුට කළ අපහාසය වෙනුවෙන් හලාවත පොලිසියට වැඩක් දෙන්න  ඕනෙයි කියලා. මෙහිදි, වසන්ත කුමාර නැමති අය මා නියෝජනය කරන මාධ්‍ය ආයතනයක කළමණාකාර වරයාට කථාකරලා මම පොලිසියට භය නිසා ප‍්‍රවෘත්ති නොකරන බව කියා තිබුණා. මෙහිදි අදාළ කළමණාකාරවරයා මා ගැන අවබෝධයකින් සිිටිය බැවින් වසන්ත කුමාරට අවශ්‍යකළ දේ ඉටුකරවා ගැනීමට නොහැකි වුණා. නැවතත් ඔහු මා හට දුරකථනයෙන් කියා සිටියේ ”හරි බලාගමු” යන්නයි. මෙහිදි මා වසන්ත කුමාරට කියා සිටියේ අසත්‍ය දේවල් ප‍්‍රචාරය කිරිමට මා සුදානම් නැති බවයි.”   

තවදුරටත් ප‍්‍රසාද් පුර්ණමාල් විස්තර කිරමින් ,”පසුගිය කාලය තුළ අවස්ථා කිහිපයකදිම හලාවත සිටින මානව හිමිකම් ක‍්‍රියාධරයෙකු යැයි කියාගන්නා වසන්ත කුමාර ගීකියනගේ නැමති අය මා ලවා හලාවත පොලීසිය හා හලාවත නගර සභාව සම්බන්ධයෙන් නොයෙකුත් ප‍්‍රවෘත්ති කිරිමට බලපෑම් කළා. එම කරුණු කාරණා මා හට පිළිගත නොහැකි වු නිසා මා වාර්තා කිරීමෙන් බැහැර වුණා. මෙසේ, මෙම පහරදිම පිළිබඳව   මා විසින් වාර්තා නොකිරීම සම්බන්ධයෙන් මේ වන විට මාහට තර්ජන එල්ලවි තිබෙනවා. මා සෑහිමකට පත්නොවන සිද්ධියක් පල කරන්නට බල කරන්නේ ඇයි ද යන්න ගැටළුවක් වු අතර කල්පනා කිරීමේදි සිහිපත් වුණේ මා පිළිබඳව ජනතාව සහ මාධ්‍ය ආයතන දරණ විශ්වාසය හා මා හට ඇති කීර්තිනාමය උපයෝගිකර ගනිමින් ඔවුන්ට අවශ්‍ය ලෙස මා ලවා ප‍්‍රවෘත්ති කරවා ගැනීමට ඇති අවශ්‍යතාවයයි.  දිගින් දිගටම වසන්ත කුමාරගෙන් මාහට එල්ලවෙන තර්ජන හා බලපෑම් හේතුවෙන් මගේ වෘත්තීයේ නියැළිමට ඇති බාධා හේතුවෙන් හලාවත පොලිස් අධිකාරි කාර්යාලයේ පැමිණල්ලක් ගොණුකළා.”

මෙකී සිද්ධිය පිළිගත නොහැකි වන්නේ කෙසේ දැයි විමසු විට ප‍්‍රසාද් පුර්ණමාල් කියා සිටියේ ”හලාවත ප‍්‍රදේශයේ මාධ්‍යවේදියෙකු විසින් මාධ්‍ය ආයතන කිහිපයකට සහ වෙබ් අඩවි කිහිපයකට මේ ප‍්‍රවෘත්තිය, එනම් ”මාව නිරුවත් කරල මිරිස් ගාලා පහර දුන්නා. වතුර ඉල්ලූවාම කටට මුත‍්‍රා කළා.” ලබාදී තිබුණා. ඒ අනුව ප‍්‍රවෘත්තිය ප‍්‍රචාරය වුනා. ඒ අතර මා නියෝජනය කරන මාධ්‍ය ආයතනයක් මේ පිළිබඳව මගෙන් විමසුවා. ඒ අනුව පොලිස් පහරකැමට ලක්වුවායැයි කියැවෙන පුද්ගලයින් ඉන්නා ගමෙන් මේ පිළිබඳව මුලින් ම විමසා බැලූවා, පසුව මේ පුද්ගලයින්ව සොයාගෙන ගොස් තොරතුරු විමසුවා. අනතුරුව මේ පුද්ගලයින් වෙනුවෙන් පෙනි සිටි නීතිඥ මහතාගෙනුත් මේ පිළිබඳව මා විමසුවා. මෙම සිද්ධිය පිළිබඳව හොඳින් තොරතුරු ඝවේෂණය කල විට පිළිගත නොහැකි කරුණු කිහිපයක් තිබු අතර ඒවා ජාත්‍යන්තර වශයෙන් ප‍්‍රචාරය වු විට රටට අපකීර්තියක් ගෙන දෙයි. මගේ තොරතුරු ඝවේෂණයට අනුව, මෙම සිද්ධිය රට හා හලාවත පොලීසිය අපකිර්තීයට ලක් කිරීමේ අවශ්‍යතාවය මත පුද්ගලයින් කිහිපදෙනෙකු එක්කව කරනු ලැබුවක් බවයි මාහට හැගී ගියේ. කෙසේවෙතත් එම සිද්ධිය මුල්කරගෙන මා හට මුහුණ දෙන්නට සිදුවුණු තර්ජනය හා බලපෑම සම්බන්ධයෙන් මම පැමිණිල්ලක් ගොණු කළා.”

ප‍්‍රසාද් පුර්ණමාල් පවසන ආකාරයට, ”මාව නිරුවත් කරල මිරිස් ගාලා පහර දුන්නා. වතුර ඉල්ලූවාම කටට මුත‍්‍රා කළා.”යනුවෙන් පුවත්පත් කිහිපයක සහ වෙබ් අඩවි කිහිපයක පලකර තිබුණු ප‍්‍රවෘත්තිය පිළිබඳව දෙවරක් සිතා බැලිය යුතුය.



2014-07-22
Advertisement

Find us on Facebook