English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


නීතිය වල්වැදීමට ඉඩ නොදෙමු විරෝධතාව හෙට අලුත්කඩෙි දී !
නීතියේ ආධිපත්‍යට බාහිර හා අභ්‍යන්තර කණ්ඩායම් විසින් එල්ල කෙරෙන බලපෑම් වලට එරෙහිව විරෝධතාවක්  සහ පෙත්සම් අත්සන් කිරිමේ ව්‍යාපාරයක් අධිකරණයේ ස්වාධීනත්වය සඳහා වු ව්‍යාපාරය විසින් සංවිධානයකර ඇති බවත් එය හෙට (ජුනි 08 දා ) දහවල් 12 ට අලුත්කඩෙි අධිකරණ සේවා කොමිසන් සභාව ඉදිරිපිටදී ක‍්‍රියාත්මක වනබවත්  අධිකරණයේ ස්වාධීනත්වය සඳහා වු ව්‍යාපාරය පවසයි.


අලි හොරකමට හා පරිසර විනාශයට සමිබන්ධ කණ්ඩායමි සඳහා නීතිය ක‍්‍රියාත්මක නොවීම සහ බලවතුන් සමිබන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක නොවීම සමිබන්ධයෙන් සිවිල් සංවිධාන එක්ව මෙම විරෝධතාව සංවිධානයකොට ඇත.

එම සංවිධාන අතර නීතිඥ එකමුතුව, පරිසර සංවිධාන එකමුතුව, දුෂණ විරෝධි පෙරමුණ සහ සොබා සාමුහිකය ප‍්‍රමුඛ සිවිල් සංවිධාන 60කට වැඩි සංඛ්‍යාවක් පවතින බවද සංවිධායකයෝ පවසති.


-  මෙලනි



2016-06-07
Advertisement

Find us on Facebook