English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


හෙට ට දින 1010 - පැහැරගත් සැමියා වෙනුවෙන් මයුරි හෙට විරෝධාතවයේ !
මයුරි ඉනෝකා සිය නිවුන් දරු දෙදෙනා සමගින්

අනුරාධපුරයේ මයුරි ඉනෝකා, එනම් වසර 2013 සැප්තැම්බර් මාසේ 02 වෙනිදා පස්වරුවේදි සිය රැකියාව නිමකර රාත‍්‍රි කැම ද රැගෙන නිවෙස බලා ත‍්‍රිරෝද රථයකින් පැමිණෙමින් සිටිය දි මාංචු අතැතිව අපි පොලීසියෙන් යැයි කියු පිරිසක් විසින් පැහැරගෙන ගිය මධුෂ්ක හරිස්ද සිල්වාගේ බිරිඳ හෙට, ජුනි 08 වෙනිදා දහවල් 11ට කොටුව ජනාධිපති ලේ්කම් කාර්යාලය ඉදිරිපිටදි තමා වෙත ඉටු නොවු යුක්තිය ඉල්ලා උද්ඝෝෂණයක් පවත්වන බව අයිතියට ප‍්‍රකාශ කළා.
    
"2013 සැප්තැම්බර් මාසේ 02 වෙනිදා නිරපරාදේ පැහැරගෙන ගිය මගේ සැමියා සොයන්න වසර දෙකක් තිස්සේ මම නොගත් උත්සාහයක් නැහැ. අවුරුද්දක් පුරාම හැම මාසේම 02වෙනි දා අනුරාධපුරයේදි උද්ඝෝෂණය කළා. මහජන අත්සන් සහිත පෙත්සම් භාරදුන්නා. මානව හිමිකම් කොමිසමට ගියා. කියන්න  ඕනේ හැම තැනටම කිව්වා. කිසිම බරක් නැති යථාර්තවාදි නැති උත්තර තමයි මට හැම තැනකින්ම ලැබුණේ. මධුෂ්කව සොයන්න මම උත්සාහාගත් විවිධ අවස්ථාවලදි ජනාධිපති කාර්යාලයෙන් විවිධ පොරොන්දු දුන්නත් ඒවා එකක්වත් තාම ඉටුවුණේ නැහැ." යනුවෙන් මයුරි අයිතිය හා පැවසුවා.

 

අපි පොලීසියෙන් යැයි කියු පිරිසක් විසින් පැහැරගෙන ගිය මධුෂ්ක හරිස්ද සිල්වා වෙනුවෙන් මේ වන විට අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු විභාගයක් පැවැත්වෙන අතර සී අයි ඞී ය පරික්‍ෂණ භාරව කටයුතු කරන බවත් මධුෂ්කගේ පැහැර ගැනීම සම්බන්ධයෙන් සැකකරන කිහිප දෙනෙකු පිළිබඳව මයුරි විසින් අදාළ ස්ථානවලට පැහැදිළිව ප‍්‍රකාශකර තිබුණත් එම පරික්‍ෂණ කටයුතු ඉතා මන්දගාමිව සිදුකෙරෙන බවයි අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු අයිතියට ප‍්‍රකාශ කළේ.

මෙතෙක් ඉටු නොවුනු පොරොන්දු ජනාධිපතිවරයාට සිහි ගැන්වීම සඳහා, සිය ප‍්‍රියාදර සැමියාගේ අහේතුක අතුරුදහන් කිරිමට දින 1010 ක් සපිරෙන හෙට දිනයේදි එනම් 2016. 06. 08 දින තවමත් අවුරුදු දෙකයි මාස 09 ක් වන සිය නිවුන් දරු දෙදෙනා ද සමගින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ප‍්‍රධාන මාර්ගයේ වාඩි ගන්නා බව මයුරි ප‍්‍රකාශ කළ.  



මධුෂ්කව පැහැර ගන්නා විට ඇය සිය නිවුන් දරු ප‍්‍රසුත අපේක්‍ෂාවෙන් සිටි බවත් මධුෂ්කව පැහැරගෙන මාස දෙකකින් එනම් නොවැම්බර් මාසයේදි නිවුන් දරු දෙදෙනා බිහිකළ බවත් ඇය පැවසුවේ දරු දෙදෙනාට තාත්තා කියා ආමන්ත‍්‍රණය කරන්නට ඇත්තේ රාමුකළ පිංතුර පමණක් යැයි කියාය.  

"මම තාමත් අහන්නේ,රෑට කන්න කෑමත් අරගෙන එමින් හිටපු මධුෂ්ක කෝ....? මධුෂ්කව පැහැරගත් අය කෝ.....?  අහිංසක මටත් පියා නොදුටු දරුවන්ටත් කෝ යුක්තිය .... ?"

ඡායාරූපය සහ සටහන – මෙලනි මානෙල් පෙරේරා



2016-06-07
Advertisement

Find us on Facebook