English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


මඟී කථා - යහපාලන ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණයක් අත ළඟ ද ?

මෙය අද, 07, බස්රථයක් තුළදී ඇසුණු කථාවකි. ගෝඨාභය රාජපක්‍ෂ ආණ්ඩුවට එක්වීමට සුදානමක් ඇතිබවට පළවන පුවත් සමඟ මතුව ආ කථාවකි. සාමාන්‍ය මිනිසුන් දරණ මතයක් ලෙසට සැලකිල්ලට ගත හැකිය.

"ගෝඨභය රාජපක්‍ෂ ආණ්ඩුුවට එකතු වුණොත් මම නම් කියන්නේ හොඳයි. එයා හිටපු හොඳ ආරක්‍ෂක ලේ්කම් කෙනෙක් නේ. ඇරත් මහින්ද මහත්තයාගේ සහෝදරයානේ.!"

"උඹට පිස්සුද බං, රාජපක්‍ෂ සෙට් එකේ එකෙක් හරි ආණ්ඩුවට වද්දගත්තොත් ඉතිං කෙලියා තමා. ඇයි ගොනෝ තොට මතක නැද්ද ඒ දවස්වල ඔය මිනිහා දාපු පාට් ගැන, පත්තර ටී වී වල ගිය ප‍්‍රවෘත්ති එහෙම. ආරක්‍ෂක ලේකම් කියලා ඔක්කොම බලතල තමන්ගෙ ඔඩොක්කුවෙ තියාගෙන කරපු මර්ධනයම ඇති තවත් අවුරුදු ගානකටම. රාජපක්‍ෂලා කරපු කෙළි මතක තියෙන ගොනෙක්වත් ආපහු උන්ට ඡන්ද නෙවෙයි මොකවත් දෙන්නෙ නැහැ. බැරිවෙලාවත් ගෝඨභයව එහෙම ආණ්ඩුවට ගත්තොත් උඹ හිතනවාද යහපාලනය බිහිකරගත්ත උන්දැලැ නිකං ඉදීයි කියලා. උඹත් ලැහැස්තිපිට හිටපං උද්ඝෝෂණයකට යන්න බලාගෙන. ඒවා අපේ යුතුකම්. මොකද මෙහෙමවත් ඉඳීවිද රටේ මිනිස්සු , බැරිවෙලාවත්් මහ රාජපක්‍ෂ එක ඡන්දෙකින් හරි දින්නනං  ඕං !"

-  මෙලනි




2016-06-07
Advertisement

Find us on Facebook