English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ගෝඨාභය එයි - චන්ද්‍රිකා යයි ද ?

රට රකින රණවිරුවන් රකින  ඕනෑම අයෙක් එක්ක යන්න මම සුදානම්  -  ගෝඨාභය


තමන්ට දෙවෙනියා ලෙසට නොව පළමුවෙනියා ලෙසටත් කටයුතු කළ හැකි යැයි ඉතා ප‍්‍රිතියෙන් යුතුව ප‍්‍රකාශ කළ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, රට ඒකිය රටක් සේ ආරක්‍ෂාකර ගැනීමත් රට බේරාගත්ත රණවිරුවන්ව ආරක්‍ෂාකර ගැනීමත් අත්‍යවශ්‍යම කාරණා දෙකක් යැයි පැවසු ගෝඨාභය, එම කාරණා දෙක ඉටුකරන්නට කැමති  ඕනෑම අයෙක් සමඟ අත අල්ලා ගන්නා බව ප‍්‍රකාශ කළේය.

"ඔන්න තුන්වෙනි පාරටත් බැසිල්ව හිරේ දාලා. හිරේ දැම්මත් ඉස්සරහට යන්න අපි තුළ චිත්ත ධෛර්ය තියෙනවා. මගෙන් මේ දවස්වල මිනිස්සු අහන ප‍්‍රශ්නයක් තමයි ඔබතුමා දෙවනියා වෙනවාද කියලා? මට පළමුවෙනියා වෙන්නත් පුළුවන් දෙවෙනියා වෙන්නත් පුළුවන්. නමුත් මට අවශ්‍ය පළමුවෙනියාවත් දෙවැනියාවත් වෙන්න නෙවෙයි. මම විශ්වාසකරන ගරුකරන යම්කිසි ප‍්‍රතිපත්ති මාලාවක් තියෙනවා. මේ අපේ මව්රට ඒකිය රටක් හැටියට අපේ ස්වෛරිභාවය ආරක්‍ෂාකර ගත යුතුයි. මේ රට ආරක්‍ෂාකරපු රණවිරුවන්ව ආරක්‍ෂාකර ගතයුතුයි.  ඕනැම පුද්ගලයෙක් මේ සඳහා ඉදිරිපත්වෙනවානම් ඔහු එක්ක යන්න මම  සුදානම්." යැයි පසුගිය ආණ්ඩුවේ හිටපු රාජ්‍ය ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ප‍්‍රකාශ කළේය.



එහෙත් මෙම ආරංචිය ගැන, යහපාලන ආණ්ඩුව බිහිකරන්නට මෛත‍්‍රි දේශපාලනයක් ගෙනෙන්නට දේශපාලන මට්ටමේ දැවැන්ත මෙහෙවරක යෙදුණු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක අදහස් දක්වමින් දැඩිව කියා සිටියේ ගෝඨාභය ආවොත් තමා රජය සමඟ නොසිටින බවයි.

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂව බලයට ගෙනඒමට උත්සාහා කරන්නේ නම් තමා රජය සමඟ නොසිටින බව චන්ද්‍රිකා බණ්ඩාරනායක ප‍්‍රකාශකර ඇත්තේ වතුපිටිවල ප‍්‍රදේශයේ අවතැන්වුවන්ට ආධාර බෙදාදීමේ අවස්ථාවකදීය.

වර්ථමාන රජය බලයට ගෙනාවේ ක‍්‍රම ක‍්‍රමයෙන් රටේ තිබෙන දුෂණය අතුගා දැමීමට බව එහිදි ඇය අවධාරණය කර ඇත.

-    මෙලනි



2016-06-07
Advertisement

Find us on Facebook