English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


කඳවුරේ ගින්නට හේතුව පෙරහුරුවක්දැයි සැකයි-ආරක්ෂක ලේකම් කියයි

ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි

හදිසි ගිනි ගැනීමකදී ක‍්‍රියාකරන ආකාරය පිළිබඳ පෙරහුරුවකදී හෝ ගිනි නිවීම සඳහා ස්ථාන ගත කර ඇති උපකරණ පරීක්ෂාවකදී හෝ කොස්ගම සාලාව කඳවුරේ පතරොම් ගබඩාව තුළ ගින්නක් ඇතිවූ බවට සැකයක් පවතින බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි.
 
කෙසේ වෙතත් මේ පිළිබඳව පරීක්ෂණ වාර්තාව මගින් නිවරැදිව නිගමනය කිරීමේ හැකියාව පවතින බව හෙතෙම කියා සිටියේ අද(07)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

මාධ්‍යවේදියෙකු ඇසූ පැනයකට ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළ අතර මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණේ ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය හෝ නිවාඩු නොලබා ‍සේවයට වාර්තා නොකරන ලද පිරිස් වෙත පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ දැනුවත් කිරීමටය.

නිවාඩු නොමැතිව දීර්ඝ කාලීනව සේවයට වාර්තා නොකර සිටි පුද්ගලයින් නීත්‍යානුකූලව ත්‍රිවිධ හමුදාවෙන් ඉවත් කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව ලබන 13 වැනිදා සිට ජුනි මස 12 වැනි දින දක්වා මෙම පොදු සමා කාලය ප්‍රකාශයට පත් කර ඇති බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

මෙම කාලසීමාව ප්‍රයෝජනයට ගෙන දීර්ඝ කාලීනව නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටි පුද්ගලයින් නීත්‍යානුකූලව ත්‍රිවිධ හමුදාවෙන් ඉවත් වීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකර ගන්නා ලෙස ආරක්ෂක ලේකම්වරයා   දැනුම් දෙයි.

ඒ අනුව යුධ හමුදාවට අයත් පිරිස් ඔවුන් අයත් රෙජිමේන්තු මධ්‍යස්ථාන වෙතත් නාවික හමුදාවට අයත් පිරිස් වැලිසර නාවික හමුදා කඳවුර වෙතත්, ගුවන් හමුදාවට අයත් පිරිස් කොම්පඤ්ඤවීදිය ගුවන් හමුදා මූලස්ථානය වෙතත්, පැමිණ තම අස්වීම් ලිපි ලබාගැනීමට කටයුතු කරන ලෙස ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා දැනුම් දී තිබේ.

උපුටා ගැනීම - Adaderana
- මෙලනි



2016-06-07
Advertisement

Find us on Facebook