English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


තග්ස්ලත් නොවන, ඩ‍්‍රග්ස් වෙළෙන්දොත් නොවන අය පමණයි !



තග්ස්ලත් නොවන, ඩ‍්‍රග්ස් වෙළෙන්දොත් නොවන, වැදගත් සාමාජිකයින් පමණක් මෙවර ඌව පළාත් සභා මැතිවරණය සඳහා තරඟ කිරීමට යොදවාගන්නට එක්සත් ජාතික පක්‍ෂය තීරණයකර ඇතැයි වාර්තා වෙය.
 
ඔවුන්ගේ සියලූම ඡන්ද අපේක්‍ෂක අපේක්‍ෂිකාවන් ඉතාම යහපත් සුවිශේෂනිය පුද්ගලයින් මිස, මත්ද්‍රව්‍ය වෙළදාමේ නොයන අයවලූන් හෝ මැර පරපුරේ අයවලූන් නොවන්නේ යැයි එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්ව කවුන්සිලයේ සභාපති මෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රි කරු ජයසූරිය මහතා ප‍්‍රකාශ කරයි. එමෙන්ම අපේක්‍ෂකයින් තෝරාගැනීමේදි, ඔවුන් සමාජසේවා කටයුතුවල නිරතවන සහ ග‍්‍රාමිය මට්ටමේ කණ්ඩායම් සමග එක්ව කටයුතුකරන අයවලූන් සඳහා ප‍්‍රමුඛතාවය ලබාදෙන බව ද ඔහු ප‍්‍රකාශ කරයි.
 
”ඇත්තෙන්ම ඔවුන් ශිෂ්ටසම්පන්න, වැදගත් පුද්ගලයින් විය යුතුයි, එ් වගේම ඔවුන් විවිධ ක්‍ෂේත‍්‍ර පිළිබඳව දක්‍ෂතා දක්වන, අවංක, පොළොවේ පයගසා සිටින, මහජනතාවට සේවයකරන අය මිස, ඔවුන් විසින් ඔවුන්ට සේවයා සපයා ගන්නා අයවලූන් නොවිය යුතුයි. සියලූම අපේක්‍ෂකයින් ක්ලීන් රෙකොර්ඞ්ස් සහිත අය වෙන්නට  ඕනේ.” යැයි කරු ජයසූරිය මහතා සඳහන් කරයි.

ඌව පළාත් සභාවේ, එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රධාන අමාත්‍ය ධූරය සඳහා නම්කරනු ලබන පුද්ගලයා පිළිබඳව පක්‍ෂයේ නාමයෝජනා කමිටුව විසින් ඉතා කඩිනමින් තීරණය කරනු ලබන බව පැවසු කරු ජයසුරිය මහතා ”මැරයින්ට, මත් ජාවරමේ යෙදෙන්නන්ට අපි නාමයෝජනා දෙන්නේ නැහැ. එ්ක අනිවාර්යයි.” කීය.

එහෙත් ප‍්‍රශ්නය වන්නේ, තනතුරු, පදවි, තානාන්තර ලැබී, බලය ගොඩනැගෙන විට, තමා ත් දැන් අය්යා කෙනෙක් කියා සිත පිමිබෙන විට, හොඳ ළමයි ද නරක ළමයි බවට පරිවර්ථනය විමයි !  




2014-07-20
Advertisement

Find us on Facebook