English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


නීතිපතිවරයාට එරෙහිව සදුන් මාලිංග නඩුව අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි
2014 මැයි 07 වන දින මීගහකිවුලල කැන්දෙකැටිය පොලීසිය විසින් සිදු කළ අමානුෂික පහරදීමකින් මිය 17 හැවිරිදි සදුන් මාලිංග නැමැති තරැණයාගේ මරණ සම්බන්ධව නීතිපතිවරයා විසින් අදාල පොලිස් නිලධාරීන්ට එරෙහිව 1994 අංක 22 දරණ කෘෘර වධහිංසාවට එරෙහි පණත යටතේ නඩු නොපැවරීමට එරෙහිව තම රාජකාරීමය වගකීම් පැහැර හැරීම සම්බන්දව රීට් මැන්ඩුමස් නියෝගයක් ඉල්ලා අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කර තිබුනි.


අංක writ 375/2015 දරණ එම නඩුව පසුගිය මැයි 31 දින කොළඹ අභියාචනාධිකරණය විසින් කැඳවන ලද අවස්ථාවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත මලල්ගොඩල විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන යන විනිසුරුවන් ඉදිරියේ විභාග වූ අතරල එහිදී විනිසුරුවන් ප්‍රකාශ කර  සිටියේ නීතිපතිවරයා විසින් වගඋත්තරකරුවන්ට එරෙහිව මහාධිකරණයේ මිනීමැරීම හා බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනුකර නඩු කටයුතු පවත්වාගෙන යන බැවින් වගඋත්තරකරුවන්ට එරෙහිව වධහිංසා පනත යටතේ නඩු පැවරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බවය.

තවද, පෙත්සම්කරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර කර ඇති බවත්ල එම නඩු දෙක මඟින් වගඋත්තරකරුවන්ට දඬුවම් ලැබීම හෝ අගතියට පත්  පාර්ශවයට වන්දි හිමිවීය හැකි අතර  වධහිංසා පනත යටතේ නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බව ප්‍රකාශ කරමින් මෙම රීට් අයදුම අභියාචනාධිකරණය විසින් නිශ්ප්‍රභා කරන බව ප්‍රකාශ කර සිටියාය.

මෙම නඩුව රයිට් ටු ලයිෆ් සංවිධානයේ උපදෙස් මත නීතිඥ ලක්ෂාන් ඩයස් මතහා විසිනි ගොනු කර තිබු අතරල මේ සම්බන්ධව වැඩි දුරටත් අදහස් දැක්වූ රයිට් ටු ලයිප් සංවිධානය කියා සිටියේ මෙම තරැණයා පොලිස් පහරදීමකින් මිය ගොස් ඇති නිසා අදාල නිලධාරීන්ට එරෙහිව 1994 අංක 22 දරණ වදහිංසා පනත යටතේ නීතිපති වරයා විසින් නඩු ගොනු කිරීම සිදු කළ යුතු බවයි.


2016-06-03
Advertisement

Find us on Facebook