English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


නව ආණ්ඩුක‍්‍රම ව්‍යවසථාව - මහජන අදහස් අගමැති වෙතට

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවසථාවක් සැකසිම සඳහා මහජන අදහස් ලබාගැනීමේ දිගුකාලින ක‍්‍රියාවලිය නිමකළ, මහජන අදහස් ලබාගැනීමේ විද්වත් කමිටුව තමන් සකස් කරන ලද වාර්තාව අද එනම් මැයි 31 වෙනිදා නිල වශයෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ වෙතට භාරදුන් බව කමිටුවේ සභාපතිවරයා අයිතියට ප‍්‍රකාශ කළේය.

මහජන අදහස් විමසීම සඳහා සාමාජීකයින් 20 දෙනෙකු විද්වත් කමිටුවට දායකත්වය ලබාදුන් අතර ඔවුන් විසින් සැකසු වාර්තාව මහජනතාවගේ දැනගැනීම සඳහා සිංහල දෙමළ සහ ඉංග‍්‍රිසි යන භාෂා තුනෙන්ම දැන් අන්තර්ජාලය ඔස්සේ කියවීමට පහසුකම් සළසා ඇත. 

ඉංග‍්‍රිසි  click here

දෙමළ   click here

සිංහල   click here

විද්වත් කමිටුවේ සභාපති නීතිඥ ලාල් විජේනායක අයිතියට පැවසු ආකාරයට,  මහජන අදහස් වාර්තාව, ජනතා අදහස් හා යෝජනා 5000 කට අධික සංඛ්‍යාවකින් හා නිර්ණායක 20ක් ඔස්සේ විමසා සිය කමිටු නිර්දේශ 20කින් ද සමන්විත වන බවයි.



එමෙන්ම, විවිධ තරාතිරම්වල පුද්ගලයින් ද සංවිධාන හා ආයතන විසින් ද ලබාදුන් වාචික යෝජනා 2200 ක් වාර්තාවට ඇතුලත් කර ඇති අතර ලිඛිත පැමිණිළි 2300ක් ද  වාර්තාවට ඇතුලත් කර ඇතැයි සභාපති ලාල් විජේනායක පැවසීය.



-    මෙලනි




2016-05-31
Advertisement

Find us on Facebook