English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


සදුන් මාලිංග ඝාතණයේ ප‍්‍රධාන සාක්ෂිකරුවෙකු වෙත මරණ තර්ජන

කන්දෙකැටිය පොලීසිය විසින් සිදු කළ අමානුෂික පහරදීම නිසා මිය ගිය 17 හැවිරිදි දරුවෙකු වූ සුදුන් මාලිංග ඝාතණය සම්බන්ධව බදුල්ල අධිකරණයේ තිබෙන නඩුවේ ප‍්‍රධාන සාක්ෂිකරුවෙකු වෙත මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියෙකු මරණ තර්ජනය එල්ල කර තිබේ.

දැනට මෙම සිද්ධිය සම්බන්ධව කැන්දෙකැටිය පොලීසියේ උප පොලීස් පරීක්ෂක සෝමරත්න ඇතුලූ පොලිස් නිලධාරීන් 6 දෙනෙකු බන්ධානාගාර ගත කර ඇති අතර, මෙම සිද්ධියේ දී එක් පොලිස් නිලධාරියෙකු මෙම අමානුෂික පහරදීමට විරුද්ධ වී ඇති අතර සදුන්ගේ දෙමාපියන්ට ඒ බව දන්වා මෙම සිද්ධිය සම්බන්ධ විවිධ විස්තර ඔවුන් වෙත ප‍්‍රකාශ කර තිබේ.

මෙම පොලිස් නිළධාරියාට ඉහත උප පොලිස් පරීක්ෂකවරයා විවිධ අවස්ථාවල දී බැන වැදී ඇති අතර, පසුගියදා ප‍්‍රකාශ කර ඇත්තේ රිමාන්ඞ් බන්ධනාගාරයෙන් නිදහස් වී පමැණි වහාම ඔහු වෙඩි තබා ඝාතණය කරන බවයි.



2014-07-20
Advertisement

Find us on Facebook