English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


රොෂේන් ශානක - සාධාරණය ඉටුකරවා ගැනීම සඳහා ....
 
සාධාරණය ඉටුකර ගැනීම සඳහා, කටුනායක   අරගලයේ 5 වන සැමරුම, ජුනි මස පළමුවෙනිදා (01දා) පස්වරු 3.30ට කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දී සිහිකිරීමක් හා උද්ඝෝෂණයක්. නිදහස් වෙළෙඳ කළාප සහායෝගිතාව සහෝදරත්වයෙන් යුතුව සැමදෙනාට ආරාධනා කරයි.
 
"2011 වසරේ මැයි මාසේ කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවක සේවිකාවන් විසින් නිදහස් වෙළෙඳ කළාපයේ සමස්ත කම්කරුවන්ගේ ඊ පි එෆ් සහ ඊ ටී  එෆ් ඇතුළු ව්‍යවස්ථාපිත අයිතීන් රැුකගැනීම සඳහා දියත් කළ අරගලයේදි රොෂේන් ශානක සහෝදරයා අනීතික ලෙස පොලීසිය විසින් වෙඩිතබා මරා දමා , තවත්  සහෝදර සහෝදරියන් හට අමානුෂික ලෙස පහර දෙන ලදී. එයින් පිරිසක් ආබාධිත තත්ත්වයට පත්විය." යනුවෙන් නිදහස් වෙළෙඳ කළාප සහායෝගිතාව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය සඳහන් කරයි.

රොෂේන් ශානක ඝාතනය කිරීමේ සහ අනෙක් තරුණ තරුණියන්ට පහර දීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ මහනාම තිලකරත්න කොමිසමේ වාර්තාව මේ වන තෙක් ප‍්‍රසිද්ධියට පත්කර නොමැති බවත් , වසර 05ක් ගත වුවද මෙම සේවක සේවිකාවන් හට කිසිඳු සාධාරණයක් ඉටුවී නොමැති බවත් නිදහස් වෙළෙඳ කළාප සහායෝගිතාව වෙනුවෙන් එම නිවේදනයේ අත්සන් තබා ඇති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු , චමිලා තුෂාරි සහ සුගත් රාජපක්‍ෂ යන අය ප‍්‍රකාශ කරයි.



මෙම තත්ත්වය යටතේ ඝාතනයට ලක්කල රොෂේන් ශානක තරුණයාට සහ පහරකෑම් වලට ලක්වු තරුණ තරුණියන් හට සාධාරණය ඉටුකරවා ගැනීම සඳහා හෙට එනම් ජුනි මස 01 දා පස්වරු 3 30ට කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පවත්වන බව ඔව්හු ප‍්‍රකාශ කරති.

කම්කරු ශ‍්‍රමය ගැන අවබෝධය ඇති කම්කරු ශ‍්‍රමයට ගරුකරන සමට මෙම අවස්ථාවට සහභාගි වන මෙන් නිදහස් වෙළෙඳ කළාප සහායෝගිතාව ආරාධනා කරයි.

එමෙන්ම, නිදහස් වෙළඳ කළාප කම්කරුවන්ගේ වැටුප් සම්බන්ධයෙන් ,සියලූම දෙනා හට හිමිවිය යුතු අයිතිවාසිකමක් දිනා ගැනීම වෙනුවෙන් දිවි දුන් රොෂේන් ශානකට ආදරය කරන, ගෞරව කරන මෙන්ම මෙම පොදු අයිතිය දිනාගැනීම වෙනුවෙන් කෲර පහරදීම් වලට ලක්වුණු සියලූම සහෝදර සහෝදරියන්ට ආදරය කරන සියලූම දෙනාට හෙට පැවැත්වෙන මෙම අවස්ථාව එක්වන ලෙසට නිදහස් වෙළෙඳ කළාප සහායෝගිතාව සහෝදරත්වයෙන් ආරාධනා කරයි.

නිදහස් වෙළෙඳ කළාප මෙම අරගලය හා පහරදීමේ සිද්ධිය පදනම් කරගනිමින් දරුණු පොලිස් පහරකෑම්වලට මුහුණ දුන් තරුණ තරුණියන් 13 දෙනෙකු විසින් මුලික අයිතිවාසිකම් පිළිබඳ නඩුවක් ද රොෂේන්ගේ් මව විසින් ඝාතනය පිළිබඳව තවත් නඩුවක් ද දේපල හානිය පිළිබඳව වෙළෙඳ කළාප තරුණ තරුණියන්ට එරෙහිව පැවැතෙන තවත් නඩුවක් ද ක‍්‍රියාත්මක වන බවත් මේ වන විට එක් තරුණියක් සහ තරුණයින් දෙදෙනෙකු සදාකාලික අබ්බගාතයින් ලෙසට ජිවත්වන බවත් නිදහස් වෙළෙඳ කළාප වෘත්තිය සමිති නායිකාවක් වන ඩාබිදු කේන්ද්‍රයේ සම්බන්ධීකාරිකා චමිලා තුෂාරි අයිතියට ප‍්‍රකාශ කළේය. 



වැඩි විස්තර අවශ්‍ය නම්, පහත දුරකථන අංක හරහා ඔවුන් ඇමතිය හැකිය.
බි‍්‍රටෝ ප‍්‍රනාන්දු 0771092921  චමිලා තුෂාරි   0771513362  සුගත් රාජපක්‍ෂ  0778533050


-    මෙලනි




2016-05-31
Advertisement

Find us on Facebook