English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


උතුරේ ගැටළු විසඳන්න සමත මණ්ඩලයක් !
යුද්ධයෙන් පීඩාවට පත්වුණු උතුරේ වැසියන්ගේ ඉඩම් නිවාස හා දේපල ගැටළු විසඳීම සඳහා විශේෂ සමථ මණ්ඩලයක් පිහිටුවා ඇතැයි අධිකරණ අමාත්‍යංශය සඳහන් කරයි.

මෙම සමථ මණ්ඩලය අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ ගේ මුලිකත්වයෙන් යාපනය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ දී පිහිටවු බව අධිකරණ අමාත්‍යංශය ප‍්‍රකාශ කළේය.



යුද්ධය නිමාවී වසර හතක කාලසීමාවක් ගෙවී ගියද උතුරේ ජනතාවගේ ඉඩම් නිවාස හා දේපල නැවත ලබාගැනීමේ අර්බුදය විසඳී නැති බවත් ඒ හා සම්බන්ධ ගැටළු රාශියක් තවමත් පවතින බවත් අධිකරණ අමාත්‍යංශය පවසයි.

යුද්ධය පැවති කාලසීමාවදි උතුරු පළාත් ජනතාවට අහිමි වු පාරම්පරික නිවාස හා ඉඩම් යළි බෙදාදිමටත් , සැබෑ අයිතිකරුවන් නිත්‍යානුකුලව හදුනාගෙන ඔවුන්ගේ දේපල අයිතිය නිවරැුදිව පවරා දීමටත් උතුරු පළාත සඳහා පිහිටවු එම විශේෂ සමථ මණ්ඩල ක‍්‍රියාකරනු ඇතැයි අමාත්‍යංශය ප‍්‍රකාශ කළේය.


-  මෙලනි



2016-05-30
Advertisement

Find us on Facebook