English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


පොලිස් පුවත් අලුත් තාලෙකට !


පොලිස් පුවත් නව ආරකින සමාජයට දෙන්නට සුදානම් වනවා සේම, පොලීසිය තුළ රාජකාරි කෙරුවාව ද නවතාවයකට යොමුවී පොලීසිය හා ජනතාව අතර පොලීසිය තුළදි ඇතිවන සම්බන්ධතාවය ද නැතහොත් පොලිස් සැලැකිල්ලද තාඩන පීඩින වලින් තොරව, වධ හිංසාවෙන් තොරව සිදුකෙරීමට ද පොලිස්පතිවරයා වග බලාගන්නේ නම් පොලීසිය කෙතරම් මහජනතාවගේ ගෞරවයට හා ආදරයට පාත‍්‍ර වේවි ද ?

ඉදිරියේදි පොලිස් දෙපාර්තමේන්තුව හා අදාළ පුවත් මාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලයක් හරහා ජනමාධ්‍යට නිකුත් කිරීම සිදුකෙරෙන බව පොලිස්පති පූජිත් ජයසුන්දර ප‍්‍රකාශ කරයි.

පොලිස් කාර්යභාරය හා පොලිසිය පිළිබඳ සියලූ පුවත් විධිමත්ව සියලූ මාධ්‍ය ආවරණය වන පරිදි ලබාදීම සඳහා මෙම නව පියවර ගනු ලැබූ බව පවසන පොලිස්පතිවරයා, නව පොලිස් මාධ්‍ය අධ්‍යක්‍ෂක මණ්ඩලය නිල වශයෙන් පත්කළ පසුව  ඕනෑම පුද්ගලයෙකුට ඔවුන් තිදෙනා අමතා පොලිසිය හා සම්බන්ධ  ඕනෑම තොරතුරක් ලබාගත හැකි බව පවසයි.

මෙකී පොලි්ස් මාධ්‍ය අධ්‍යක්‍ෂක මණ්ඩලය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වන ප‍්‍රියන්ත ජයකොඩි , අජිත් රෝහණ සහ හිටපු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ය නඅය කටයුතු කිරීමට නියමිත බව පොලිස්පතිවරයා සඳහන් කරයි.

-    මෙලනි  




2016-05-30
Advertisement

Find us on Facebook