English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අතුරුදහන්කරවීම්වලට එරෙහි ප‍්‍රඥ්ඥප්තියට ශී‍්‍ර ලංකාව අපරානුමත කරයි
බලහත්කාරයෙන් පැහැර ගැනීම්වලින් පුද්ගලයන් ආරක්ෂා කරගැනීම සදහා වූ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ප‍්‍රඥ්ඥප්තිය ශී‍්‍ර ලංකා රජය විසින් අපරානුමත කිරීම ඊයේ සිදු කළ බව ජීනීවා නුවරින් වාර්තා වේ. මෙම කි‍්‍රයාවලියේ පලමු පියවර ලෙස මෙම ජාත්‍යන්තර ප‍්‍රඥ්ඥප්තියට අත්සන් තැබු බව අගමැතිවරයා විසින් මුලින් ප‍්‍රකාශ කළේ පසුගිය දෙසැම්බර් 10 ට යෙදුනු ජාත්‍යන්තර මානව හිමිකම් දින සැමරුම් උත්සවයේ ප‍්‍රධාන ආරාධිත දේශණය පවත්වමිනි. ඉන් මාස 5 ක පසුව මෙම ප‍්‍රඥ්ඥප්තිය අපරානුමත කිරීම ශී‍්‍ර ලංකාමේ  ප‍්‍රගතිශීලීන් ලැබූ තවත් වැදගත් ජයග‍්‍රහණයකි.



දෙසැම්බර් 10 මානව හිමිකම් උලෙලට සහභාගී වූ අගමැතිවරයා තව දුරටත් කියා සිටියේ මෙම ප‍්‍රඥ්ඥප්තියට අත්සන් තැබීමෙන් පසුව එය ලංකාවේ නීතියට ඇතුලත් කිරීම සදහා ද කටයුතු කරන බවයි.

නීතියක්, පාලනක් නොමැති විට ඇති වන විනාශයේ තරම අප පසුගිය සමයේදී අත් දුටුවෙමි. නීතියක් පැවැතීමත්, නීතිය කි‍්‍රයාත්මක කරන්නන් හා එරට පුරවැසියන් නීතියට අවනත වීමත් තුලින් සියළු දෙනාගේම අයිතිවාසිකම් රැක ගැනීමට හැකි බව අපගේ විශ්වාසයයි.

එම අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම සඳහා ලෝකයේ බොහෝ රටවල් ප‍්‍රමාණයක් එකට එක්වී මිනිස් ජීවිතයේ උතුම්කම සහ මිනිස් ජීවිත සුරැකීමට අවශ්‍ය නීති රීති සම්පාදනය කිරීමත් එම නීති කි‍්‍රයාත්මක කිරීමට අනෙක් රටවල් සමඟ එකඟතාවයන් හා ගිවිසුම් වලට පැමිණීමත් නිසා ලාංකීය ජන සමාජය තුලත්, මානව අයිතිවාසිකම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, පිළිබදව අවබෝධය සහ එහි වැදගත්කම දැන් පෙරටත් වඩා දැනෙමින් තිබේ.


2016-05-26
Advertisement

Find us on Facebook