English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


දක්‍ෂිණ අධිවේගි මාර්ගය නිසා ගොවි ජනතාවට පීඩා
පවතින ආණ්ඩුව විසින් මානූෂීය අයිතිවාසිකම් සමඟ සෙල්ලම්කරන / අහිමි කරන සංවර්ධන සැළස්මවල් රටපුරාම දියත්වෙමින් පවතියි. වර්තමානයේ පවතින එවන් විශාලම සැළස්මක් වනුයේ චීනය සමඟ අතිනත ගත් වරාය නගර ව්‍යාපෘතිය හෙවත් පෝර්ට් සිටි ව්‍යාපෘතියයි. දක්‍ෂිණ අධිවේගී මාර්ගය නිසා සිය ජීවනෝපායන් (රැකියා කිරිමේ අයිතිය මෙන්ම ජීවත්වීමේ අයිතියකි) අහිමි විමේ මෙම ප‍්‍රවෘත්තිය රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මෙසෙ පළකර ඇත.
 



මාතර සිට හම්බන්තොට දක්වා ඉදිවන දක්ෂිණ අධිවේගී මාර්ගය නිසා ගොවි ජනතාව විවිධ අපහසුතාවයන්ට පත්වන බව ගොවි සංවිධාන නියෝජිතයන් විසින් පසුගියදා පැවති හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී පෙන්වා දුන්හ.

මේ හේතුවෙන් තම කුඹුරු හා ගොඩ වගා කටයුතු නියමිත කාලයේදී සිදු කිරීමට නොහැකි වන බව හා ඉන් තම ආර්ථිකයට බලපෑමක් වන බව ගොවි සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙන ලදී.
 
එම කරුණු සැළකිල්ලට ගනිමින් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අවසන් වන තෙක් එම ව්‍යාපෘතියේ වගකිව යුතු නිළධාරියෙක් සෑම මසකම දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව සඳහා සහභාගී විය යුතු බවට හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්.එච් කරුණාරත්න මහතා නිලධාරීන්ට දන්වා සිටියේය.
 
එසේම දැනට වගා කටයුතු සිදු කළ බිම් හරහා ඉදිකිරීම් සිදුවනවා නම් හානි වූ වගාවන් සදහා ගෙවීම් සිදු කිරීමටද ඔහු උපදෙස් දෙන ලදී.
 
AP/DMU-Hambanthota

-  මෙලනි




2016-05-25
Advertisement

Find us on Facebook