English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අත්අඩංගුවට ගත් රාජපක්ෂ පදනමේ ලේකම්ට හා භාණ්ඩාගාරිකට ඇප

බැසිල් රාජපක්ෂ මහතාගේ ඔරුතොට දේපළ සම්බන්ධයෙන් අයථා ගනුදෙනුවක් වී යැයි කියන සිද්ධිය මත බැසිල් රාජපක්ෂ පදනමේ ලේකම් විලී ගමගේ හා භාණ්ඩාගාරික ආරියරත්න දහනායක දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නන්ගර මහතා නියෝග කළේය.

රුපියල් 50,000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 40 බැගින් වූ ශරීර ඇප දෙක බැගින් තබන ලෙස සැකකරුවනට නියම කළ මහේස්ත්‍රාත් ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කළේය.

හැම මාසයකම අවසන් දිනයේ එෆ්සීඅයිඩියේ පෙනී සිටින ලෙසද නියම කැරිණි.

රාජපක්ෂ පදනමේ සේවයේ නියුතු විලී ගමගේ හා ආරියතිලක යන මහත්වරුන් පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් අද අත්අඩංගුවට ගෙන තිබිණි.

ගම්පහ ඔරුතොට මිලදී ගත් ඉඩමක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට මෙම පුද්ගලයින් පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට කැඳවීය.

ගම්පහ ඔරුතොට ඉඩම රාජපක්ෂ පදනමේ නමින් මිලට ගෙන ඇති බව වාර්තාවෙයි.

උපුටා ගැනීම-Asion Mirror

- මෙලනි





2016-05-23
Advertisement

Find us on Facebook