English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


හිටපු ඩි අයි ජී රිමාන්ඞ් භාරයට
 

සුප‍්‍රසිද්ධ රගර් ක‍්‍රිඩක වසීම් තාජුඩින් ගේ් අභිරහස් ඝාතනය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන රහස් පොලිසිය විසින් මෙදින (23) සිදුකළ ප‍්‍රශ්න කිරිම් වලින් අනතුරුව හිටපු ජේ්‍යෂඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක  කරන්නට උත්සාහා දැරීමේ චෝදනා මත හිටපු ජ්‍යෙශ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මෙදින (23) ප‍්‍රශ්න කිරීම් වලින් අනතුරුව මැයි මස 26 වෙනිදා තෙක් රිමාන්ඞ් බන්ධනාගාරගත කිරිමට අධිකරණය නියෝග කර ඇත.

අද දහවල් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර , අතිරේක මහේස්ත‍්‍රාත් නිශාන්ත පිරිස් විසින් මේ මස 26 වෙනිදා තෙක් අනුර සේනානයක රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළේය.

අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට අනුව, අනුර සේනානායක වෙත එල්ලවන චෝදනාව වනුයේ වසිම් තාජුඩින් ගේ අභිරහස් ඝාතනය හා සම්බන්ධයෙන් වන සාක්‍ෂි වසන් කිරිම වේ.

වසර තුනකට පෙර එනම් 2012 මැයි මස 17 වෙනිදා, නාරාහේන්පිට ශාලිකා ක‍්‍රිඩංගණය අසළ පාර්ක් පාරේ ගිනිගෙන දැවෙමින් තිබු මෝටර් රථයක් තුළ තිබි වසිම් තාජුඩින්ගේ මළ සිරුර සොයා ගැනුණි.

වසිම් තාජුඩින් හදිසි අනතුරක් හේතුවෙන් මරණයට පත්වු බවට පැවති රජයේ කාලසිමාවදි සිදුකළ පරීක්‍ෂණ වල නිගමනය වී තිබුණ ද එය මිණිමැරමක් බවට පසුගිය දා අධිකරණය තීන්දු කළේය. 

පිංතුරය ගගන

-  මෙලනි



2016-05-23
Advertisement

Find us on Facebook