English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


නීතිඥ සංගමයේ සභාපති වෙනුවෙන් සැවොම !


නීතිඥ සංගමයේ සභාපති, උපුල් ජයසුරිය මහතාට ජීවිත තර්ජනයක් එල්ලවී ඇති සේයාවක් ගැන වාර්තා වෙයි. වර්තමාන ලාංකිය සමාජය තුළ සමාජ යහපාලනයක් භුක්ති විඳිමට මේ සමාජය තුළ ජීවත්වන කොයිකාටත් පරම අයිතියක් ඇති අතර එකී පාලනයක් නැති කළ එවැන්නක් බිහිකරගැනීමෙහිලා වචනයෙන් ද ක‍්‍රියාවෙන්ද දායකවන චරිත, මර්ධනයෙහි ලා නොයෙක් නොයෙක් දේ ක‍්‍රියාත්මක වෙයි. යුක්තිය හා සාධාරණත්වය වල්වැදුණු සමාජ රටාවක ජීවත්වන ප‍්‍රෘතග්ජනයින්ට ද සමාජ ක‍්‍රියාධරයින් හට ද එවැනි වු මර්ධනවලට තර්ජනවලට මුහුණ දීමේ වාතාවරණය එතරම් නුහුරු නුපුරුදු එකක් නොවෙයි. එහෙත්, දිගින් දිගටම ආණ්ඩුව විසින් මෙවැනි වු නොවුමනා මර්ධන ක‍්‍රියාත්මක කරන්නේ නම්, ලංකාව පුරා ව්‍යාප්තව තිබෙන, විවිධ වු සමිති, සංගම්, ඒකක, ව්‍යාපාර හා සංවිධාන සතු සිය ජන බලය ආණ්ඩුවේ ජඩ මර්ධනයට එරෙහිව මෙහෙයවීමට නොපසුබට වන බවට ද රාවයක් ප‍්‍රථිරාවය වෙයි.

පසුගිය දිනවලදී සමාජීය කර්තව්‍යයන් කිහිපයකටම පෙරමුණ දුන් ශ‍්‍රි ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා එවැනි සමාජ තර්ජනයකට මුහුණ දී සිටින අතර, එය නීිතිඥ සංගමයේ ද සිවිල් සමාජ ක‍්‍රියාධරයින්ගේ ද දැඩි දෝෂ දර්ශනයට ද හෙළා දැකිමට ද පාත‍්‍රවී ඇත.

ආණ්ඩුවෙත්, රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශයෙත්, පොලීසියෙත් ඇතැම් ක‍්‍රියාවන් පිළිබඳවත්, රටේ යහපාලනය බිඳවැටීම පිළිබඳවත්, රතුපස්වල ජල අර්බුදය පිළිබඳවත් ,මාතලේ සමුහ මිණිවල පිළිබඳවත්, වනාතමුල්ල ඉඩම් අත්පත්කර ගැනීම පිළිබඳවත් යන අර්බුදකාරි ප‍්‍රශ්න වලදී මුලිකත්වය ගෙන විවේචනාත්මක මැදිහත්වීම්වල වරදට සහ උණූසුම්ම පුවත වු රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශය(එම්  ඕ ඞී)  මගීන් නිකුත් කළ මොඞ් නිවේදනය හෙවත් චක‍්‍රලේඛණය පිළිබඳව දැඩි විවේචන එල්ලකිරීම, නීතිඥ උපුල් ජයසූරිය හට මෙවැනි ජීවිත තර්ජන එල්ලවීමට පසුබිම සකස් කළේය. එහෙත් ප‍්‍රශ්නය වන්නේ, අපි ජීවත් වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදි රටක යැයි කියනා කළ එසේ කිරීමට බැරි ඇයි යන්නයි ?

ජූලි මස 15 වෙනිදා, උපුල් ජයසුරිය මහතා ගමන් ගනිමින් සිටි වාහනය, සැකකටයුතු පිරිසක් විසින් ලූහුබැඳ ඇති අතර, පසුව ඒ පිළිබඳව කොළඹ කුරුඳුවත්ත පොලීසියට පැමිණිළි කර ඇත. අනතුරුව එම වාහනවල අංක පිළිබඳව මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් පරීක්‍ෂා කිරිමේදි එම අංක දෙකට පෙර සහ පසු අංක ලියාපදිංචි වී ම පිළිබඳ තොරතුරු තිබියදී, අදාළ අංක දෙක පිළිබඳ තොරතුරු නොතිබෙන බව හෙළි වී ඇත. එවිට උපුල් ජයසූරිය මහතාට එල්ලවෙමින් පවතින මර්දනය ද තර්ජනය ද සුළුපටු නොවන බව නොකියමනාය. අද එම තර්ජනය හෝ බියවැද්දීම උපුල් ජයසුරියට වන විට එළඹෙන හෙට දවසේදි එම ක‍්‍රියාවම සඳහා තවත් කී දෙනෙකුගේ නාම ලේඛණයක් පෙළ ගැස්වා ඇතැයි යන්න ද අමතක කළ නොහැක.

මේ පිළිබඳව කරුණු හෙළි කිරිමට සහ උපුල් ජයසුරිය මහතාට එල්ලවී ඇති තර්ජන වලට විරෝධය පළකිරීම සඳහා සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් හා වෘත්තිය සමිති නියෝජිතයින් විසින් ඊයේ (ජුලි 18) මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි. සිවිල් ක‍්‍රියාකාරින් කිහිපදෙනෙකු සමගින් නීිතිඥ සංගමයේ මානව හිමිකම් කමිටුව සහ නීතියේ ආධිපත්‍ය පිළිබඳ කමිටුව නියෝජනය කරමින් නීතිඥවරුන් කිහිප දෙනෙකු ද මෙම මාධ්‍ය හමුවට සහභාගි විය.

නීතිඥ සංගමයේ නීතියේ ආධිපත්‍ය පිළිබඳ කමිටුව වෙනුවෙන් නීතිඥ චන්ද්‍ර කුමාරගේ අදහස් දක්වමින් ආණ්ඩුව රාජ්‍ය නොවන සංවිධානවලට මැන්ඬේට් සිහිපත් කරදීමට උත්සාහා ගත්ත ද භාෂණයේ නිදහසට මැන්ඬේට් නොමැති බවත් ආණ්ඩුව විවේචනය කිරිමට ඇති අයිතිය ලංකාවේ නඩු තීන්දු මගින්ද තහවුරුකර දී ඇති බව පෙන්වා දුණි.

නිදහසේ වේදිකාව නියෝජනය කළ නීතිඥ ජේ.සී.වැලිඅමුණ කථා කරමින් ”ඒ අංක දෙක පැහැදිළිව දන්නවා. එහෙම වුනත් මෙච්චර ප‍්‍රබල ඔත්තු සේවාවක් තිබෙන රටක ඒ අංක දෙක සොයා ගන්න බැහැ. අනෙක් සියලූම දේ සොයා ගන්න පුළුවන්. මේ බිය ගැන්වීම තුළ කියවෙන්නේ තමන්ට තිබෙන බිය. අනෙක් අය බියගන්වන්නේ බය ගුල්ලෝ. විශේෂයෙන්ම නීතිඥ සංගමය, රාජ්‍ය පාලනය තුළ සිද්ධවෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදි විරෝධී කටයුතු වලට එරෙහිව ප‍්‍රබල මතයක් ගෙන යන නිසා නීතිය පාලනය ආරක්‍ෂා කිරීමට ප‍්‍රබල නායකත්වයක් දෙන නිසා, එය පාලනය කිරීමට ගත් බියගුළු ක‍්‍රියාවක් විධියට තමයි අපි මෙය දකින්නෙ.”පැවසුවේය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය නියෝජනය කරමින් ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර ප‍්‍රකාශ කළේ, ”තර්ජන කිරිමේ සංස්කෘතියක් තමයි දැන් ආරම්භ කරල තිබෙන්නෙ. එය තවදුරටත් අවසාන වෙලා නැති බව තහවුරු වෙනවා. මේ පෙලගැහෙන සිද්ධි ජාලය එක්ක අපට පෙනෙනවා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට දැඩි ලෙස බලපෑම් එල්ලවීමක්. පුද්ගලයෙකුගේ හෝ පුද්ගලයින් කිහිප දෙනෙකුගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් සියලූම නීති හා ඒ අදාළ ආයතන පාලනය කිරීමේ ස්වභාවයක් පවතින්නෙ.”යනුවෙනි.

”ඒ බියගැන්වීම් වලට ඔහු පුද්ගලීකව ක‍්‍රියාත්මක වෙනකොට, ශ‍්‍රි ලංකා නිතිඥ සංගමය ක‍්‍රියාත්මක වෙනකොට, සිවිල් සංවිධාන ක‍්‍රියාත්මක වෙනාකොට, වෘත්තීය සමිති ක‍්‍රියාත්මක වෙනකොට, ඒකට අදාළ තොරතුරු සාධක මකලා දාන්න උත්සාහා ගන්නවා. අපි මේ මර්ධනයට විරුද්ධයි. කටවැසීමට විරුද්ධයි. අපි ඒකට භය වෙන්න ලැහැස්ති නැහැ. එක්කෙනෙක්ගෙ පස්සෙන් පන්නලා බියගැන්වීම හරියි කියලා හිතනවානම් ඒක හරියන්නෙ නැහැ.” එසේ කිවේ හෙද නිළධාරින්ගේ සංගමය නියෝජනය කරමින් සමන් රත්නප‍්‍රිය ය.  

රයිට්ස් නව් සංවිධානය හා සිවිල් සමාජ සාමුහිකය නියෝජනය කරමින් අදහස් දැක්වු නිතීඥ සුදර්ශන ගුණවර්ධන සඳහන් කළේ, වර්තමාන ආණ්ඩුව ඊනියා දෝෂාභියෝගය මගින් අගවිනිසුරුවරිය ඉවත්කළ හැකි වුවත් ඉන් ශක්තිමත්වු ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය පලවා හැරිය නොහැකි බවයි.

මෙම මාධ්‍ය හමුව අමතා තවත් සිවිල් සමාජ ක‍්‍රියාධාරයින් කිහිපදෙනෙකුම විවිධ ක්‍ෂේත‍්‍ර නියෝජනය කරමින් අදහස් දැකවු අතර, ඔවුන් සියලූම දෙනාගේ ඒකමතික තීරණය වන්නේ ආණ්ඩුව තවදුරටත් පුරවැසියන් සතු භාෂණයේ නිදහස කප්පාදු කිරිම, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝ්ධි ක‍්‍රියාවන්ට එරෙහිව කි‍්‍රයා කිරිම්වලට බධා කිරීම, තර්ජන ගර්ජන සහ අනවශ්‍ය බලපෑම් කරමින් සිවිල් පුරවැසියන් ක‍්‍රියාධරයින් බිය ගන්වන්නට පෙරුම්පුරන්නේ නම්, ලංකාව පුරා සිටින තම තමන්ගේ සංවිධාන සමිතිවල ලක්‍ෂ ගණනක පුරවැසි බලය ආණ්ඩුවේ මේ තුච්ච මර්ධනයට එරෙහිව ක‍්‍රියාත්මක කරවන බවයි.   

කෙසේවෙතත්, සමාජය හා එහි ජීවත්වන මිනිසුන් යහපත් කිරීමෙහිලා සහ ඔවුන්ගේ අයිතීන් ආරක්‍ෂාකර දීමෙහිලා මෙරට ක‍්‍රියාත්මක වන සියලූම රාජ්‍යනොවන සංවිධාන ද ඉන් ප‍්‍රතිලාභ ලබන සියලූම පුරවැසියන් ද අනෙකුත් සමිති සංවිධාන ද සිවිල් සමාජ ක‍්‍රියාධාරයින් ද සමාජය පිළිබඳව හා තම තමන්ගේ මෙන්ම අන් ජීවිත පිළිබඳව ද වගකීමක් යුතුකමක් හැෙඟන දැනෙන සියලූම පුරවැසියන් ද එක්ව මිනිස් දිවියට නිගරුකරන, අවමන් ගෙනෙන, මෙම මන්ද බුද්ධික මෙන්ම දරඳඩු ක‍්‍රියාකාරිත්වයන් පරාජය කිරීමෙහිලා කිසිම වු භේදයකින් තොරව ”මනුස්සකමේ” නාමයෙන් ක‍්‍රියාත්මක විය යුතුය. එසේ නොකළහොත් ....... ?

                මෙලනි මානෙල් පෙරේරා               ඡාරූප සමබිම වෙබි අඩවියෙන්
 




2014-07-19
Advertisement

Find us on Facebook