English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මෙවර CAT කමිටුවට ලංකාවේ මානව හිමිකම් සංවිධාන 20 ක් එකතු වී එක්සත් වාර්තාවක්
2011 වර්ෂයේ ජිනීවා නුවර පැවති එක්සත් ජාතීන්ගේ වධහිංසාවට එරෙහි කමිටුව වෙත රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය, විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය, මානව හිමිකම් සංවර්ධන මධ්‍යස්ථානය, ජාතික ධීවර සහයෝගීතාවය, ඉමාඩා ආයතනය, අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව, ඉන්ෆෝම් දත්ත කේන්ද්‍රය, රයිට්ස් නව් ආයතනය හා ජනතා සංවාද කේන්ද්‍රය ඇතුලූ සංවිධාන 9 ක් එක්ව එක්සත් ඡුායා වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබීය.



එම කමිටුව නැවත 20016 නොවැම්බර් මාසයේ දී රැුස්වීමට නියමිත අතර ලංකාව වෙනුවෙන් නැවතත් එක්සත් වාර්තාවක් ඉහත සංවිධානයන්ට අමතරව ජාතික සාම මණ්ඩලය, නීතිය හා සමාජ භාරය, පවුල් පුනරුත්තාපන මධ්‍යස්ථානය, මහනුවර මානව හිමිකම් කාර්යල, නීතියේ ආධිපත්‍ය සදහා වූ මධ්‍යස්ථානය, ගම්පහ මානව හිමිකම් මධ්‍යස්ථානය, අතුරුදහන්වුවන් පිළිබදව සොයා බැලීමේ කමිටුව, ඇතුලූ තවත් සංවිධාන 20 ක් එක්ව යැවීමට මේ වන විට සැලසුම් කර තිබේ.

රයිට ටු ලයිෆ් සංවිධානය විසින් මේ වාර්තාව සැකසීම සදහා අවශ්‍ය මූලෝපායන් සැකසීමේ විශේෂ වැඩ මුලූවක් පසුගිය මැයි 12 සහ 13 යන දිනයන් හි වැල්ලවත්ත ගෝලෝබල් ටවර් හෝටලයේ දී පැවැත් වූ අතර, මෙම වැඩමුලූව සදහා ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු, නීතිඥ සුදර්ශණ ගුණවර්ධන, නීතිඥ ලක්ෂාන් ඩයස්, නීතිඥ ඩියානි උයන්ගොඩ, නීතිඥ හර්මිසා ටීගල්, නීතිඥ පි‍්‍රයලාල් සිරිසේන, පිලිප් දිසානායක, බි‍්‍රටෝ ප‍්‍රනාන්දු යන අය විශේෂ දායකත්වයක් සැපයීය.

සිවිල් සංවිධාන නියෝජිතයින්, නීතිඥයින්, ප‍්‍රාදේශීය මානව හිමිකම් ආරක්ෂකයින් ගෙන් සමන්විත 35 ක පමණ පිරිසක් මීට සහභාගී වු අතර, 2011 දී ඉදිරිපත් කරනු ලැබූ වාර්තාවට වඩා සාර්ථක වාර්තාවක් මෙවර ගොනු කිරීමට මෙහි දී එක`ගත්වයකට පැමිණුනි, එමෙන්ම එක්සත් ජාතීන්ගේ වධහිංසා කමිටුව විසින් රජය වෙත ඉදිරිපත් කරනු ලබන නිර්දේශ කි‍්‍රයාතමක කරවා ගැනීම සදහා රජය ඇතුලූ අනෙකුත් රාජ්‍ය අයතන සම`ග සාකච්ඡ කිරීම, බලපෑම් කි‍්‍රයා මාර්ගයන් වෙත යොමු වීමටත්, මෙම නිර්දේශ සාමාන්‍ය මහජනයා අතරට ගෙන යාම සදහා යාන්ත‍්‍රණයක් සැකසීමටත් මෙම වැඩ මුලූවේ දී පැමිණ සිටි සංවිධාන අතර එකගත්වයකට පැමිණෙන ලදී.

මෙම වැඩමුලූවේ ඉංගී‍්‍රසි වාර්තාව මෙම පහත සබදියාව හරහා ලබා ගන්න.
 




2016-05-20
Advertisement

Find us on Facebook