English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


කුරාම් ෂෙයික් නඩු තින්දුව ජයග‍්‍රාහණයක් ! සාධාරණය ඉටුකළ දවසක් !!
                                                   
කලකට පසු යුක්තිය සැබෑ ලෙස ඉටුවූණු අවස්ථාවක් ! එහෙත් ප‍්‍රධාන වරදකරු, ප‍්‍රධාන පුරවැසියාගේ ප‍්‍රබල ෙහෙතෂීයෙක් බැවින් කල්යැමේදි යුක්ති සහගත, නඩු තීන්දුව අවනීතයෙන් පිදුම් ලබා අවලංගු වේවිදෝයි  සැකයක් !!

බි‍්‍රතාන්‍ය ඇතුළු රටවල් කිහිපයකම දැඩි අවධානයට මෙන් ම අපවාදයට ද හේතු වුණු බි‍්‍රතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් ඝාතනයේ සහ ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය දූෂණය කිරීමේ වරදට චෝදනා ලැබ සිටී පුද්ලයින්, අද, (ජුලි 18) මහාඅධිකරණය විසින් වරදකරුවන් ලෙසට තීන්දු කර සිර දඬුවම් නියම කළේය. එ් අනුව තංගල්ල ප‍්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට කොළඹ මහාඅධිකරණය බරපතල වැඩ සහිතව 20 අවුරුදු සිර දඬුවමක් නියම කළේය. නඩු විභාගය මෙහෙයවුයේ මහාඅධිකරණ විනිසුරුවරියක වන රෝහිණී වල්ගම මහත්මියයි.

වික්ටෝරියා පාර්ක් නැමැති කුරාම් ෂෙයික් ගේ පෙම්වතිය සමුහ ලෙසට දූෂණය  කිරීමේ වරදට ලහිරු කැළුම්, ප‍්‍රගීත් චතුරංග සහ සමන් දේශප‍්‍රිය යන අනෙකුත් විත්තිකරුවන් තිදෙනාටද බරපතල වැඩ සහිතව 20 අවුරුදු සිර දඬුවම නියම කර ඇත. වරදකරුවන් සිව්දෙනාටම මෙම වසර 20, එකවර ගෙවා දැමීමට ද තීන්දු වී ඇත.
 
නඩු තින්දුව දීමට ප‍්‍රථමයෙන් විශේෂ ප‍්‍රකාශයක් කළ මහාඅධිකරණ විනිසුරුවරිය, මෙම නඩු විභාගය වෙනුවෙන් බොහෝ මාධ්‍යවල විවේචනයට ලක්වු බවත් එහෙත් මෙම නඩු තීන්දුව සමගින් එ් සියල්ලක්ම බිඳ වැටෙන බවත් සඳහන් කළේය.

එමෙන්ම, මාස තුනක් වැනි කෙටි කාලසීමාවක් තුළ දි මෙම නඩුව සමාප්ත කරන්නට  හැකිවිම ගැන තමන් සතුටුවන බවත්, මෙය ඉතිහාස ගතවන ජයග‍්‍රහණයක් බවත් පැවසීය.

"මා මෙම නඩු තීන්දුව ලබාදී තිබෙන්නේ, මාස තුනක් වැනි කෙටි කාලයක් තුළදියි. ඉදිරිපත් වුණු සාක්‍ෂි පදනම්කර ගෙන මගේ හෘදසාක්‍ෂියට අනුවයි. මේක දේව කාර්යයක් ලෙසටයි මා සළකන්නේ. මේ නඩුව තුළින් පැමිණිළි සහ විත්තිකාර පාර්ශවයන්ට වඩා වැඩිපුර අපහාස වින්දේ මමයි." යනුවෙන් විනිසුරුවරිය ප‍්‍රකාශ කළේය.

කෙසේවෙතත්, මෙම නඩුතින්දුව පිළි නොගන්නා බව පවසන විත්තිකාර පාර්ශවය, තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත්කරන බව පවසයි.

"අද ඉතා වැදගත් දිනයක්. ශ‍්‍රි ලංකාව සාධාරණය ඉටුකළ දවසක්. මම මගේ සොහොයුරාට මගේ පොරොන්දුව ඉටුකළ දවසක්." යනුවෙන් නඩු තීන්දුව ලබාදිමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කළ කුරාම් ෂෙයික්ගේ සොයුරු නසර් ෂෙයික් සඳහන් කළේය.  

එමෙන්ම, තම සොහොයුරාගේ ඝාතනය සම්බන්ධයෙන් සාධාරණය ඉටුකරවා ගැනීම වෙනුවෙන් සහය ලබාදුන් ශ‍්‍රි ලංකා අධිකරණ නිළධාරීන් හා ශ‍්‍රි ලංකාවේ ජනතාවටත් එමෙන්ම බි‍්‍රතාන්‍ය ආණ්ඩුව ඇතුළු සහය වු සැමදෙනාට නසර් ෂෙයික් ස්තුතිය පුද කළේය.  



2014-07-18
Advertisement

Find us on Facebook