English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සංහාරයට ගොදුරුව දමිළ ජාතිකයින් සිහිකරන්න සුදානම්

සියල්ල අහිමි වු මුල්ලිවයික්කාල් කාන්තාවක් -
ඡායාරූපය - මෙලනි

2009 මැයි මාසයේ දි පැවැති අවසන් යුද්ධයේදි දහස් ගණනක් දමිළ ජාතිකයින් ජිවිතක්‍ෂයට පත්වීම "එක් ජාතියක් මුහුණ දුන් දැවැන්ත ම සංහාරයක් "යැයි යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කරයි.


එම සංහාරයට මුහුණු දුන් සියලූම දෙනා සිහිපත් කිරීම, විශ්වවිද්‍යාලයට පිටතින් සෑදු වේදිකාවක් මත හෙට එනම් මැයි 18 වෙනිදා උදැසන සිදුකෙරෙන බවත් එම සිහිපත් කිරීම සඳහා සියලූම දෙනාට යාපනය විශ්වවිද්‍යාලයට පැමිණෙන ලෙසත්  ශිෂ්‍ය සංගමය දන්වා සිටියි.

උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල යුද්ධයෙන් මිය ගිය සමස්ත දමිළ ජාතිකයින් සැමරීම පසුගිය සතියේදි ආරම්භ කළ අතර විවිධ ස්ථානවල පැවති එම සිහිකිරීම් සඳහා ජීවිතක්‍ෂයටපත්වු පවුල්වල ඉතිරිව සිටින ඥාතින් ද උතුරු පළාත් සභාවේ මන්ත‍්‍රිවරුද සහභාගි වු බව උතුරේ මාධ්‍ය වාර්තා කළේය.
 
උතුරු පළාත් සභා මන්ත‍්‍රි කේ ශිවාජිලිංගම් ප‍්‍රකාශ කරන පරිදි සංහාරයට පාත‍්‍ර වුණු සියලූම දෙනා සිහිකිරීමේ ප‍්‍රධාන සැමරුම හෙට මුල්ලිවයික්කාල් හිදි සිදුකෙරෙනු ඇත.

-    මෙලනි



2016-05-17
Advertisement

Find us on Facebook