English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හමුදාවට නියෝගයක්

ශ්‍රේෂ්ඨාධිකරණ විසින් අද එනම් මැයි 17 වෙනිදා, ශ‍්‍රී ලංකා යුධ හමුදාවට නියෝගයක් නිකුත් කළේය. ඒ, බලහත්කාරයෙන් ඉඩම් අල්ලා ගැනීමක් සම්බන්ධයෙනි. බීබීසි සංදේශය වාර්තා කළ අන්දමට, යුද්දය නිමාවීමෙන් පසුවත් උතුරේ යාපනය අර්ධද්විපයේ වැසියන්ට හිමි පෞද්ගලීක ඉඩම් 03ක් ශ‍්‍රී ලංකා යුධ හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත්කර ගෙන සිටින අතර එකී ඉඩම් මුදාහරින ලෙසට ඉඩම් හිමියන් විසින් ඉදිරිපත්කර ඇති පෙත්සම් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත්කරන ලෙසට මෙසේ නියෝග පමුණුවා ඇත.

මෙම පවරාගැනීමේ ක‍්‍රියාදාමය අපහැදිළි බැවින් ද පෙත්සම්කරුවන්ගේ හඩට සවන් දීමෙන් ද යුතුව, අගවිනිසුරුවරයා ප‍්‍රමුඛ ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලය විසින් ලබන 26 වෙනිදා මීට අදාළ කරුණු ඉදිරිපත්කරන ලෙසට යුධ හමුදාවට අණ කර ඇත.

බීබීසී අධිකරණ පුවතේ සඳහන් වෙන ආකාරයට, යුධ හමුදාව විසින් මෙකී ඉඩම් හිමිකරුවන් නැතහොත් පෙත්සම් කරුවන්ගෙන් කරුණු විමසීමකින් තොරව මෙම ඉඩම් කොටස් අත්පත්කර ගෙන ඇති අතර, අත්පත්කර ගත් එම ඉඩම් වෙනුවෙන් කිසිදු වන්දි මුදලක් හෝ ගෙවා නොමැති බවයි පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිවේදියා අධිකරණයට ප‍්‍රකාශකර ඇත්තේ.


පෙත්සම්කාර පාර්ශවය - ඡායාරූපය - බීබීසි සංදේශය

තවද, යාපනය ප‍්‍රාදේශීය ලේකම්වරයා විසින් අදාළ ඉඩම් නිත්‍යාණූකුලව අත්පත්කරගෙන ඇතැයි යන්න ප‍්‍රකාශකර ඇතිමුත් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා පෙන්වා දී ඇත්තේ්, 2012 වසරේදි ශ‍්‍රි ලංකා යුධ හමුදාව විසින් පෙත්සම්කරුවන්ගේ ඉඩම් නීතියට පටහැනිව අත්පත්කර ගෙන ඇති බවයි. 

කෙසේවෙතත්, ඉඩම් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරනු ලබන නියෝගයන් හමුදාවන් විසින් පිළිපදින්නේ නම් යහපතකි. මන්ද,  මෙම ඉඩම් අත්පත්කර ගැනීමේ විෂයයේදි ලංකාවේ ඇතැම් ප‍්‍රාදේශිය ලේකම්වරු සහ හමුදා නිළධාරීන් සැබෑ ඉඩම් අයිතිකරුවන් සමඟ ගනුදෙණු කරන්නේ ඔවුන්ගේ ඉඩම් සැබෑ අයිතිකරුවන් විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටිනවා සේය.
 
ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂක අංශ විසින් එනම් වඩාත්ම, යුධ හමුදාව සහ නාවික හමුදාව විසින් අනුන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කරගෙන සිටිනා තරම් තවත් රජයේ ආයතනයන්  නොමැත. ඒ තරමටම ලංකාව හතර අතම යුධ හමුදාව සහ නාවික හමුදාව විසින් කිසිදු චකිතයකින් තොරව අනුන් සතු ඉඩම් හා දේපොල අත්පත්කර කරගෙන පාරිභෝජනය කරමින් සිටිති. නැතහොත් එම ඉඩම්, වාසස්ථාන ඔවුන්ගේ දේපොල බවට බෝර්ඞ් ගසා වෙන්කර සිය භාරයේ තබාගෙන සිටිති. එම ඉඩම්වල සැබෑ අයිතිකරුවන් නන්නත්තාරව සෝසුම් හෙළති.

මේවාට හොඳම උදාහරණ කිහිපයක් නම් ත‍්‍රීකුණාමල සාම්පුර්, මන්නාරම මුල්ලිකුලම් සහ නැගෙනහිර පානමට අයත් ගම්මාන 4කි. පානම ගම්මාන නැවත ලබාදෙනලෙසට කැබිනට් නියෝගයක්ද ලැබී දැනට වසරකුත් මාස ගණනක් ගෙවී ගොස් ඇතිමුත් පානම නාවික හමුදාවෙන් සහ ප‍්‍රාදේශිය ලේකම් ඇතුළු තවත් නිලයන්ගෙන් තවමත් එම ගම්වල මිනිසුන්ට ලැබෙන්නේ නීති රීති තර්ජන ගර්ජන මිස සිය ගම්මවලට යාමේ නිදහස නම් නොවේය.

පානම ඉඩම් අහිමි ජනතාව  

තමන්ගේ ම නිවසේ භුමියේ හා දේපොලවල අයිතිය ලබාගැනීම වෙනුවෙන් උසාවි අධිකරණවල පිහිට පැතිමට සිදුවී තිබීම බොදුණු රාජ්‍යයක් යැයි කියනා , යහපාලනයක් පවතින්නේ යැයි කියනා රටක ජීවත් වන ප‍්‍රෘතග්ජනයින් හට කෙතරම් අවමානයක් ද ? හොරු පසෙකය. හොරු නිසා දුක්විදින්නට පීඩාවිදින්නට සිදුවී ඇත්තේ අයිතිකරුවන්ටය. මෙය ප‍්‍රෘතග්ජනයින් මුහුණ දෙන කෙතරම් වු දුර්භාග්‍යයක් ද ?

ඡායාරූපය හා සටහන – මෙලනි




2016-05-17
Advertisement

Find us on Facebook