English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


රජය, 18 වෙනිදා පවත්වන්නේ යුධ ජයග‍්‍රහණයක් ද ? නැත්ද ?

ශ‍්‍රි ලංකා රජය මේ මස 18 වෙනිදා එනම් හෙට පවත්වන්නට සුදානම් වෙමින් සිටින්නේ යුධ ජයග‍්‍රහණයක් ද රණවිරුන් සැමරීමක් ද පොදුවේ මියගිය සැමදෙනා සැමරීමක් ද යන්න  මේ වන විට තැන තැන කථාබහට යොමු වෙමින් පවතියි. ඒ පිළිබඳව රාජ්‍ය ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මෙන්ම රාජ්‍ය ආරක්‍ෂක ඇමතිවරයා මෙසේ ප‍්‍රකාශ කරයි.  

මැයි 18 වෙනිදා දිනය සම්බන්ධයෙන් යහපාලන රජය, පැවති ආණ්ඩුවට වඩා යම්කිසි මැද මාවතක සිටින බව සහ යහපත් ආකාරයෙන් කටයුතු කරන බවක් ඔවුන්ගේ පිළිතුරු වලින් ගම්‍ය වෙයි.

"රටවල් දෙකක් අතර පැවැතුනු යුද්ධයක ජයග‍්‍රහණයක් නම් අපට විජයග‍්‍රාහී සැමරුම් පවත්වන් තිබුණා. නමුත් මේක අපේ රටේ සිටින කොටස් දෙකක් අතර සිදුවුණු ගැටුමක් විධියටයි මම දකින්නේ්. මම හිතන්නේ මේ රජය දකින්නෙත් ඒ ආකාරයටයි. මේ මැරිච්ච අය හමුදාව පැත්තෙන් හෝ වේවා , එල්ටීටීඊ සංවිධානය පැත්තෙන් හෝ වේවා, ඒ සියලූම දෙනා ශ‍්‍රි ලාංකීකයින්. සදාචාරාත්මක විධියටත් ජය පැන් බොන්න පුළුවන්ද කියලත් ප‍්‍රශ්නයක් ඇතිවෙනවා. නමුත් අද රටේ තිබෙන තත්ත්වයත්, මේ රටේ සංහිදියාව ඇතිකිරීමට කටයුතු කිරීමට මේ රජය විසින් අරගෙන තිබෙන පියවරවල් හැටියටත් තමයි අපි සංස්කෘතික සංදර්ශනයක් පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ මෙදිනදි." යනුවෙන් රාජ්‍ය ආරක්‍ෂක ලේකම්වරයා ප‍්‍රකාශ කළේය.

මෙදින සවස 4.00 ට ජනාධිපති සහ අගමැති ප‍්‍රධානත්වයෙන් සහ සියලූ මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් යුතුව පාර්ලිමේන්තුව අසළ තිබෙන රණවිරු ස්මාරකය අසළදි සිදුකරනු ලබන සැමරුමට පසුව රාත‍්‍රි 7.30 ට නිදහස් චතුරශ‍්‍ර පරිශ‍්‍රයේදි ත‍්‍රිවිධ හමුදා පොලිස් සහ සිවිල් ආරක්‍ෂක බලකායන්වලට අයත් සංස්කෘතික කණ්ඩායම්වල සහභාගීත්වයෙන් සංස්කෘතික සංදර්ශනයක් පැවැත්වෙන බව ප‍්‍රකාශ විය. එය සංහිදීයාවේ පියසටහන් ලෙසට නම්කර ඇතැයි ද ආරක්‍ෂක ලේකම්වරයා කීහ.

 
මේ අතර රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන ප‍්‍රකාශ කරන්නේ , යුද්ධයෙන් මියගිය උතුරේ වැසියන් සිහිකිරීම සඳහා රජයෙන් සංවිධානය කළ කිසිදු සැමරුමක් නැති බවයි.

එහෙත්, රටේ ස්ථාන කිහිපදී යුද්ධයේදි මියගිය සෙබළුන් සිහිකිරීම් සිදුකරන බව පැවසූ ඔහු යුද්ධයෙන් මියගිය අය සිහිකිරීම  ඕනෑම කෙනෙකුට කළ හැකි වුවද එල්ටීටීඊ නායකයින් සැමරීම හෝ ඔවුන්ගේ ධජ එසවීම සපුරා තහනම් බව අවධාරණය කළේය.

-    මෙලනි



2016-05-17
Advertisement

Find us on Facebook