English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සඳහා වන මහජන අදහස් අගමැති අතට


නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමෙහිලා ලබාගත් මහජන අදහස් හා යෝජනා සහිත වාර්තාව මේ මස අග භාගයේදි අගමැති රනිල් වික‍්‍රමසිංහ වෙත භාරදීමට සුදානම් බව මහජන අදහස් හා යෝජනා භාරගැනීමේ කමිටුවේ සභාපති නීතිඥ ලාල් විජේනායක අයිතියට ප‍්‍රකාශ කළේය.

අදාළ වාර්තාව අගමැතිවරයා වෙත භාරදුන් සැණින් ඔබේ ව්‍යවස්ථාව යන මැයෙන්
www.yourconstitution.lk ඇති අන්තර්ජාල පහසුකම ඔස්සේ මහජනතාවට විවෘතකරන බව ද ඔහු පැවසීය.

මැයි මස 12 වෙනිදා පැවති සාකච්ඡවකට අනුව මේ මස 23 - 28 අතර දිනකදී අගමැති රනිල් වික‍්‍රමසිංහ හට වාර්තාව භාරදීමට තීරණය වු බවත් ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් කමිටුව ඉදිරියේ ප‍්‍රකාශිත අදහස් ,යෝජනා අඩංගු එම වාර්තාවන් සිංහල සහ දමිළ භාෂාවන්ගෙන් සමන්විත වන බවත් සඳහන් කළේය.

ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය සඳහා ඉතාම වැදගත් ලියකියවිලි 5000ක් පමණ ලැබී ඇති බවත් ඒ අතරින් දේශපාලන විද්‍යඥයින් හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීතිඥවරුන් මෙන්ම විවිධ ශාස්ත‍්‍රඥයින් විසින් ඉදිරිපත්කළ වටිනා ලියකියවිලි මේ වන විට සිය දත්ත ගබඩාවට ඇතුලත් කර ඇති බවද පැවසු නිතිඥ ලාල් විජේනායක, පුද්ගලයින් හා සංවිධාන විසින්  කමිටුවට ලබාදුන් වාචික ප‍්‍රකාශ 2216ක් ව්‍යවස්ථා සම්පාදන ලේකම් කාර්යාලයට භාරදෙනු ලබන බව ද පැවසිය.

-    මෙලනි  




2016-05-16
Advertisement

Find us on Facebook