English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


මානව හිමිකම් කොමිසම හා සිවිල් සංවිධාන හමුවක් මැයි 17
අලූතින් පත්වූ මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ඇතුලූ කොමසාරිස්වරු සමග රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය ඇතුලූ සංවිධාන කිහිපයක් එක්ව ලංකාවේ මානව හිමිකම් තත්ත්වය හා මානව හිමිකම් ප‍්‍රවර්ධනය සදහා සිවිල් සංවිධාන හා මානව හිමිකම් කොමිසම හා එක්ව ගත හැකි කි‍්‍රයා මාර්ග පිළිබදව සාකච්ඡා කිරීමට විශේෂ හමුවක් ලබන 17 දා මානව හිිමිකම් කොමිසමේ දී පැවැත් වෙන බව රයිට් ටු ලයිෆ් සංවිධානයේ ප‍්‍රකාශයෙකු අයිතිය වෙත පැවසීය.



මානව හිමිකම් කොමිසමේ විශය පථයට අනුව මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප‍්‍රවර්ධනය කිරීම සදහා කොමිසම සිවිල් සංවිධානත් සමග එක්ව කටයුතු කළ යුතුව තිබේ. නමුත් පසුගිය කොමිෂන් සභාව ඒ ආකාරයෙන් කටයුතු නොකිරීමත්, මානව හිමිකම් කඩවීම් වලට එරෙහිව හා මානව හිමිකම්  ප‍්‍රවර්ධනය වෙනුවෙන් ජාත්‍යන්තර ප‍්‍රමිතීන් අනුව කි‍්‍රයාත්මක නොවීම නිසා මානව හිමිකම් කොමිෂන් සභාව මේ වන විට ඒ ශ්‍රේණියේ සිට බී ශ්‍රේණිය දක්වා පහත දමා තිබේ.

මානව හිමිකම් කඩවීම් වලට එරෙහිව ගන්නා කි‍්‍රයාමාර්ග විධිමත් කිරීම, මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීම හා මානව හිමිකම් කඩවීම් වැලැක්වීමට ගත හැකි කි‍්‍රයා මාර්ග පිළිබදවත්, විශේෂයෙන් පොලිස් වධහිංසාව වැලැක්වීම සදහා එක්සත් ජාතීන්ගේ වදහිංසා කමිටුව විසින් මානව හිමිකම් කොමිසම වෙත ලබා දුන් නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධවත් මෙම හමුවේ දී සාකච්ඡා කිරීමට නියමිතව බව පැවසේ. 



2016-05-14
Advertisement

Find us on Facebook