English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ආණ්ඩුව එක්සත් ජාතීන්ට දෙන වාර්තාවක් ගැන මානව හිමිකම් ක්‍රියාධරයන්ගේ විරෝධය

13217401_10209721924866780_3167026480688443318_o

වධ හිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුවට  භාර දීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් සකසා ඇති වාර්තාවක,  පසුගිය වසර හතර තුල  රටේ  වධ හිංසා සීග්‍ර ලෙස අඩු වු බවට දක්වා ඇති තොරතුරු  මානව හිමිකම් සංවිධානයක් මුලුමනින්ම ප්‍රතික්ෂේප කරයි.

තමන් වෙත වාර්තා වී ඇති සිද්ධීන් අනුව රජය පවසන ආකාරයේ අඩුවීමක් සිදුව නොමැති බව පෙන්වා දෙන රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය පවසන්නේ ලංකාවේ වද හිංසා සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පසු ගිය සතියේ දිවයිනට පැමිණි විශේෂ නියෝජිතයාගේ වාර්තාව මගින්ද එය සනාථ වන  බවයි.

දිවයිනේ අට දින සංචාරයක් නිමා කරමින් කොළඹදී මාධ්‍යවේදීන් ඇමතූ වධ හිංසා පැමිණවීම සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත හුවාන් මෙන්දෙස් ප්‍රකාශ කර තිබුනේ ශ්‍රී ලංකාවේ පොලිසිය විසින් අත් අඩංගුවේදී වධ හිංසා පැමිණවීම මේ රජය යටතේත් සිදු කරන බවයි.

ජිනීවා නුවරට වාර්තාවක් 

එක්සත් ජාතීන්ගේ වද හිංසාවට එරෙහි කමිටුව වෙත 2011 වසරේදීත් රයිට්ටු ලයිෆ් ඇතුලු සංවිධාන 09 ක් විසින් ලංකාවේ වද හිංසා ඇතුලු මානව හිමිකම් කඩවීම් පිළිබදව ඒකාබද්ධ වාර්තාවක් ඉදිරිපත් කළ බව සදහන් කරන රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ ප්‍රධානියා පවසන්නේ මේ වසරේ නොවැම්බර් මාසයේ ජිනීවා නුවර පැවැත්වෙන එම කමිටුව සදහාද එම සිවිල් සංවිධාන වලට අමතරව තවත්  සංවිධාන කිහිපයක් ද  එක් වී  වාර්තාවක් සකසමින් සිටින  බවයි.

ඒ වෙනුවෙන් 12 බ්‍රහස්පතින්දා දිනත් 13 සිකුරාදා දිනත් කොළඔදී රැස්වූ සිවිල් සංවිධාන විසින් ඒකාබද්ධ වාර්තාවක් ගොඩ නැගීම සදහා අවශ්‍ය මුලික කතාබහක් සිදු කළ බව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ  ලේකම් පිලිප් දිසානායක කොළඔදී කියා සිටියේ  ගගන හා  විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

වධ හිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව වෙත  රජය විසින්  භාර දීමට නියමිත වාර්තාව සම්බන්දයෙන්ද එහිදී සාකච්ඡාවට ලක් කර තිබේ.

පසුගිය කාලයේ ලංකාව පුරාම වද හිංසාව සීග්‍ර ලෙස පැතිරී තිබු බව සදහන් කළ පිලිප් දිසානායක පවසන්නේ අතීතයේ මෙන්ම තවමත් පොලීසිය සැකකරුවන්ගෙන් තොරතුරු ලබා ගැනීම සදහා  භාවිත කරන එකම ක්‍රමය වන්නේ වද දීම බවයි.


 ආණ්ඩු දෙකම එකයි 

වද හිංසාව වැලැක්වීම සදහා  එක්සත් ජාතීන්ගේ වද හිංසාවට එරෙහි කමිටුවට විසින් නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කර ඇති නමුත් පසුගිය රජය මෙන්ම වත්මන් රජයත් එම නිර්දේශ සම්බන්ධයෙන් එතරම් අවධානයක්  යොමු නොකළ බවයි පිලිප් දිසානායකගේ චෝදනාව වන්නේ.

නමුත් වත්මන් රජය එම නිර්දේශ අතරින් නිර්දේශ තුනක් ගැන පමණක්  අවධානය යොමු කර ඇති බව පෙන්වා දෙන ඔහු   පවසන්නේ සාක්ෂි කරුවන් සහ වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත සම්මත කිරීමටත්, ස්වාධීන කොමිසන් සභා ස්ථාපිත කිරීමටත්, 18 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 19 වැනි සංශෝධනය ගෙන ඒමටත් රජය ක්‍රියා කර ඇති බවයි.

සාක්ෂිකරුවන් සහ වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත සම්මත වුවත්  එහි ප්‍රතිඵල ජනතාවට ලබා ගැනීමේ ප්‍රවේශයන් නිර්මාණය වී නොමැති බව පෙන්වා දෙන ඔහු අවධාරණය කරන්නේ ස්වාධීන කොමිසන් සභා ස්ථාපිත කළත් තවමත් පරණ ආකාරයට එය ක්‍රියාත්මක වන බවයි.

එම තත්වයන්  වැලැක්වීම සදහා එක්සත් ජාතීන්ගේ වද හිංසාවට එරෙහි කමිටුවට වෙත එක්සත් වාර්තාවක් ඉදිරිපත් කරන අතර ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින සිර කරුවන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන්ද විශාල ප්‍රමාණයේ අදහස් ඉදිරිපත් කර ඇති බව ඔහු පවසයි.

වද හිංසාවට එරෙහි එකමුතුවක් ශක්තිමත් ලෙස ගොඩ නැගීමට අද දිනයේ හැකි වු බව ගගන හා කියා සිටි මානව හිමිකම් ක්‍රියාධරයා වැඩි දුරටත් අවධාරණය කර සිටියේ ලංකාවේ වද හිංසාව අවම කිරීම සදහා ඒ තුලින් බලාපොරොත්තු වෙන බවයි.

උපුටා ගැනීම - http://www.radiogagana.com



2016-05-14
Advertisement

Find us on Facebook