English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


"තියුණු අසිපතක සෙවන යට" ට ආරාධනා !
මතක ඇති කලක සිට, තමන් විශ්වාසකළ මාර්ගයක් ඔස්සේ විමුක්ති සටනක් උදෙසා සිය දිවි කැපකළ දමිළ යුවතියක් වු එල් ටී ටී ඊ සංවිධානයේ දේශපාලන අංශයේ නායිකාව වු තමිලිනි විසින් රචිත, ස්වයං චරිතාපදානයේ සිංහල පරිවර්ථනයේ දොරට වැඩුම හෙට පස්වරුවේදි, කොළඹ දි සිදුකරයි.



තමිලිනි විසින් රචනා කරන ලද සිය ජීවිත කථාවේ අමරණීය සැමරුම් කෘතිය, "තියුණු අසිපතක සෙවන යට" මැයෙන් යාපනය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සාමිනාදන් විමල් විසින් සිංහලට පරිවර්ථනයකර ඇති අතර, ත‍්‍රිකෝණි සංස්කෘතික පදනමේ අදියුරු, ප‍්‍රවීන සිනමාධර, නාට්‍යවේදී ධර්මසිරි බණ්ඩාරණායක විසින් ප‍්‍රකාශකයට පත්කර ඇත.

හෙට, එනම් මැයි මස 13 වනදා සවස 4.00 ට, කොළඹ 07 ශ‍්‍රි ලංකා පදනම් ආයතනයේ ප‍්‍රධාන ශ‍්‍රවණාගාරයේදි "තියුණු අසිපතක සෙවන යට" දොරටවඩින බව ධර්මසිරි බණ්ඩාරනායක ප‍්‍රකාශ කළේය.

සාමය ට සංහිදියාව ට ප‍්‍රිය සියලූම දෙනාට එම අවස්ථාවට සහභාගිවන ලෙසට ඔහු ආරාධනා කරයි.
 
-    මෙලනි



2016-05-12
Advertisement

Find us on Facebook