English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ෆෙඩරල් ගැන බිය නොවන්න - ආචාර්ය ජයම්පති
උතුරේ ජනතාව ඉල්ලා සිටින ෆෙඩරල් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවත් ඒ හරහා මතුකරන ඉල්ලීම්   සම්බන්ධයෙනුත් අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙසට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ කාර්යභාරයේ ව්‍යවස්ථා කෙටුම්පත් කමිටුවෙ සභාපති ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න පවසයි.



“ෆෙඩරල් ක්‍රමයක් පිළිගන්නවද නැද්ද කියන එක වෙනම කතාවක්. නමුත් මේ එක තනි රටක් තුල ඕනෑම ආණ්ඩුක්‍රම විශේෂයක් යෝජනා කිරීමට තියන අයිතිය අපි පිළිගත යුතුයි. 1926 බණ්ඩාරනායක මහතා තමයි ලංකාවට පලවෙනි වරට ෆෙඩරල් ක්‍රමයක් යෝජනා කෙරුවේ,” ඔහු පවසා සිටියා.

ආචාර්ය වික්‍රමරත්න වැඩිදුරටත් පවසා සිටියේ කිසියම් පලාතක සීමා මායිම් ඇතුළු ඕනෑම වෙනස්කමක් කළ යුත්තේ අදාළ පළාතේ ජනතාවගේ කැමැත්ත මත පදනම් ව බවත් , උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමට නැගෙනහිර පළාතේ ජනතාවගෙන් අති බහුතරයක් විරුද්ධ බවත් ය.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනවාරි මස 17 වෙනිදා අදහස් දැක්වු රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍යවරයා මෙසේ ප‍්‍රකාශකර ඇත.


 
 "21වැනි සියවසට ගැලපෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසිය යුතු බවත් ඒ තුළ රට බෙදීමක් හෝ රටේ ඒකිය භාවය වැනසීමක් හෝ බුද්ධාගමට හිමි තැන අහිමි කිරීමක් හෝ රජයේ යෝජනා තුළ අඩංගු නොවන බවත්  ඕනෑම කෙනෙකුට,  ඕනෑම පක්‍ෂයකට සංශෝධන ඉදිරිපත් කළ හැකි බවත් අගමැති වික‍්‍රමසිංහ පවසයි."

එමෙන්ම, නව ව්‍යවස්ථාව සඳහා සියලූ දේශපාලන පක්‍ෂවල අදහස් මෙන්ම රෙට් අනාගතය භාර ගන්නට සිටින තරුණ පරපුරේ අදහස් ද වඩාත්ම වටිනා බව ප‍්‍රකාශ කළේය.

- මෙලනි



2016-05-12
Advertisement

Find us on Facebook