English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


වැඩබිමක අයිතීන් දිනා ගැනේ !

බෝගල මිනිිරන් පතලේ සේවකයින් විසින් ඉල්ලීම් කිහිපයක් දිනා ගැනීම සඳහා දීර්ඝකාලීනව දියත් කළ වැඩවර්ජනයක් අත්හිටුවා ඇත. ඒ, ශ‍්‍රමිකයින් ඉල්ලා සිටී ඉල්ලීම් සියල්ල දිනාගැනීමට හැකි වු නිසා යැයි, "බෝගලේ පතලේ වර්ජනය ජයග‍්‍රාහීව අවසන්-සියලූ ඉල්ලීම් දිනා ගනියි" යන ශිර්ෂය යටතේ අන්තර් සමාගම් සේවක සංගමය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් කරයි.

අන්තර් සමාගම් සේවක සංගමයේ නායකත්වය යටතේ, බෝගල මිනිරන් පතලේ සේවකයින් 50 දෙනෙකු ඊයේ එනම් මැයි මස 10 වෙනිදා, අඩි 1600ක් යට පොළව පතුලේ  සිට සිය වැටුප් වැඩිකර ගැනීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන සත්‍යග‍්‍රහයක් ආරම්භ කළේය.

මෙසේ වැඩ වර්ජනය තුළ ඔවුන් දිනාගත් ඉල්ලීම් වුයේ -

ජනවාරි මස සිට හිඟ වැටුප් ද සමගින් රු 5000/- වැටුප් වැඩිවීමක් ද , වෛද්‍ය නිවාඩු දින 21 ද , පැය 09ක වැඩ දිනය වෙනුවට පැය 08ක වැඩ දිනය ද , නිල ඇදුම් , සේවකයෙකු විශ‍්‍රාම යන විට ත්‍යාගයක් ලබාදීම , වාර්ෂීක විනෝද චාරිකාව , අවුරුදු නිවාඩු ලබාගැනීම ඇතුලූ ඉල්ලීම් 11ක් යනුවෙන් මාධ්‍ය නිවේදනයේ සඳහන් කරයි.

කම්කරු දෙපාර්තුමේන්තුවේ කොමසාරිස්වරුන් ද මෙම සාකච්ඡවට සහභාගි වු අතර අන්තර් සමාගම් සේවක සංගමයත් , පාලනාධිකාරියත් , කම්කරු දෙපාර්තමේන්තු නිළධාරීන් ද එක්ව පැවැත්වු සාකච්ඡවකදී ඉහත ඉල්ලීම් ලබාදීමට පාලනාධිකාරිය එකඟත්වය පලකළ බව මාධ්‍ය නිවේදනය සඳහන් කරයි.
 
මෙවැනි පියවරයන්වලට යන්නට සිදුවන්නේ කම්කරු දෙපාර්තමේන්තුවේ ඇති ඇල්මැරුණු ස්වභාවය නිසා බවත්, ලැබිය යුතු නිසි විසඳුම් ලැබෙනතාක් මෙවර ආරම්භ කළ වර්ජනය අවසන් නොකරන බවට, අන්තර් සමාගම් සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප ලේකම් පී හෙට්ටිආරච්චි ඊයේ (10) මාධ්‍යට ප‍්‍රකාශක් කළේය.

කියවන්න, මීට අදාළ පුවතක් -  මිනිරන් සටන රන් වන ලකුණු


-    මෙලනි



2016-05-11
Advertisement

Find us on Facebook