English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ලංකාවේ වධහිංසාව සීග‍්‍ර ලෙස අඩු වෙලා UNCAT වෙත රජය වාර්තා කරයි
එක්සත් ජාතීන්ගේ වධහිංසාවට එරෙහි ප‍්‍රඥ්ඥප්තියට අත්සන් කරනු ලැබූ රටවල් එම ප‍්‍රඥ්ඥප්තියට අනුකූලව තම සාමජික රටවල් තුළ වධහිංසාව වැලැක්වීම සදහා කොතරම් සාර්ථක පියවර ලබාගෙන තිබෙනවාද යන්න අධීක්ෂනය කිරීම සදහා වසර 4කට වරක් සුවිසර්ලන්තයේ ජිනීවා නුවරට රැස්වේ.


එමෙන්ම මෙම වධහිංසා කමිටුව මගින් වධහිංසාව වැලැක්වීම සදහා ඒ ඒ රට වෙත ලබා දී ඇති නිර්දේශ අනුව අදාල සමාජික රටවල් විසින් තම රට තුළ වධහිංසාව වැලැක්වීම සදහා ගෙන ඇති පියවරයන්  හා ප‍්‍රගතිය පිළිබදව නිල වාර්තාවක් මෙම කමිටුව වෙත ඉදිරිපත් කළ යුතුය. රජයට මෙන්ම මෙම කමිටුව වෙත සිවිල් සංවිධාන හෝ තනි පුද්ගලයන්ට පවා රජයේ වාර්තාවට විකල්ප වාර්තාවන් ඉදිරිපත් කළ හැක. ඒ අනුව 2016 නොවැම්බර් මාසයේ පැවැත්වෙන මෙම කමිටුව වෙත මේ වන විට රජය විසින් තම වාර්තාව ඉදිරිපත් කර ඇති අතර, සිවිල් සමාජ වාර්තා ජූලි මාසයේ දී ඉදිරිපත් කළ යුතුව තිබේ.
 
රජය විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව මේ වන විට එක්සත් ජාතීන්ගේ වධහිංසා කමිටුව විසින් ප‍්‍රසිද්ධ කර ඇති අතර, එම වාර්තාව අනුව එක්සත් ජාතීන්ගේ වධහිංසා වැලැක්වීමේ කමිටුවේ නිර්දේශ අනුව රජය කි‍්‍රයාත්මක වී ඇති බවත්, ඒ අනුව ලංකාවේ වධහිංසාව සී‍්‍රග‍්‍ර ලෙස පහල බැස ඇති බව රජයේ වාර්තා වේ සදහන් වේ. ඒ කෙසේ ද යත් 2009 වසරේ දී වධහිංසා සිද්ධි 11 ක් ද, 2012 වසරේ දී සිද්ධි 12ක් ද, 2013 වසරේ දී සිද්ධි 8ක් ද, 2014 වර්ෂයේ දී වධහිංසා සිද්ධි 3 ක් පමණක් ලංකාව තුළින් වාර්තා වී ඇති බව සදහන් කරයි.

එමෙන්ම එම වාර්තාවට අනුව ලංකාවේ වදහිංසාව වැලැක්වීමේ යාන්ත‍්‍රණය ඉතා සාර්ථකව කි‍්‍රයාත්මක වන බවත්, 1994 අංක 22 දරණ වධහිංසා වැලැක්වීමේ පණත කි‍්‍රයාත්මක වන බවත්, එම පණත යටතේ නඩු පැවරීම සදහා පොලිස් නිලධාරීන් විසින් සිදු කරන වධහිංසාවන් ගැන සොයා බැලීමට පොලිස් දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව හා එක්ව විශේෂ විමර්ෂණ (PTP)  ඒකකයක් පිහිටුවා ඇති බවත් සදහන් වේ.

නමුත් ලංකාවේ ජීවත්වන පුරවැසියන් මෙන්ම මානව හිමිකම් කඩවීම් වලට එරෙහිව කි‍්‍රයාත්මක සංවිධාන මෙහි වධහිංසාව කොපමණ අගයකින් කි‍්‍රයාත්මක වන්නේ ද යන්න හොදින් දනී.

කමිටුව වෙත ඉදිරිපත් කර ඇති මෙම රජයේ වර්තාව හොදින් විශ්ලේෂණය කරමින් ලංකාවේ සිවිල් සමාජය විසින් මෙවරත් විකල්ප එක්සත් වාර්තාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති අතර, එම වාර්තාව සැකසීම සදහා පැවැත්වෙන දෙදින වැඩමුලූවක් හෙට (12) කොළඹ දී පැවැත්වීමට රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය සැලසුම් කර තිබේ.
 
මීට පෙර 2011 වර්ෂයේ පැවති මෙම කමිටුව වෙත ලංකාවේ සිවිල් සංවිධාන නියෝජනය කරමින් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය, විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය, මානව හිමිකම් සංවර්ධන මධ්‍යස්ථානය, ජාතික ධීවර සහයෝගීතාවය, ඉමාඩා ආයතනය, අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව, ඉන්ෆෝම් දත්ත කේනද්‍රය, රයිට්ස් නව් ආයතනය හා ජනතා සංවාද කේන්ද්‍රය ඇතුලූ සංවිධාන 9 ක් එක්ව එක්සත් ඡුායා වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබූ අතර, ශ‍්‍රී ලංකාව වෙනුවෙන් රයිට් ටු ලයිෆ් සංවිධානය නියෝජනය කරමින් නියෝජතයින් දෙදෙනෙකු එම කමිටුවට සහභාගී විය.




2016-05-11
Advertisement

Find us on Facebook