English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සංධානෙට පායන හඳ

                                           සංධානෙට පායන හඳ  
                      

සංධානෙට පායන හඳ  
ලස්සනයි ද කියන්න
මා විඳි රජ සැප ඔහෙලා  
තනිවම එප විඳින්න..​..//

දිනේෂ් විමල් කැස කවාවි  
වෙන පෙරමුණු හදන්න..//
මගෙ හොරු රැළ හිරෙ නොයවා
සම්මුතියක් බලන්න​..

සංධානෙට පායන හඳ  

මගෙ සඟ ඇණි අත වනාවි
එපා අහක බලන්න​..//
ජාතිවාදෙ වපුරන්නට​
මාද්දියට කියන්න​..

සංධානෙට පායන හඳ  

ජනවරි අට කෑ..ගසාවි
එපා බලය බෙදන්න​..//
උන් ගැන මතකය ගුලිකර​
පෝට් සිටියෙ දමන්න​..

සංධානෙට පායන හඳ  



පද : ඩලස්
තනුව : ම​.අමරවීර​
සංගීතය :ගෝඨාස් වෝ
ගායනය : ම.රාජපක්‍ෂ
අදහස : කොත්ති

-  මෙලනි




2016-05-10
Advertisement

Find us on Facebook