English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


සුදු වෑන් සංස්කෘතිය කුණු බක්කියට දමනවා මංගල සමරවීර
2015 ජනවාරි 08 ජනතාව ලැබූ ජයග‍්‍රහණයත් සමග මේ රටේ පැවති සුදු වෑන් සංස්කෘතිය නවතා දැමු බවත්, නමුත් පසු ගිය දිනවල නැවත එවැනි සිද්ධීන් කිහිපයක් සම්බන්ධව වාර්තා වී තිබෙන නිසා ඒ පිළිබදව වහාම සොයා බලා මීට අදාල නිලධාරීන්ට හෙලිදරව් කිරීමට බලාපොරොත්තු වන බවත් සුදු වෑන් සංස්කෘතිය කුණු බක්කියට දැමීමට නව රජය කටයුතු කරන බවත්, මින් ඉදිරියට මෙවැනි සිදුවීම් වාර්තා වුවහොත් අප වෙත වහාම දැනුම් දීමට කටයුතු කරන ලෙසත් ඉල්ලීය.
 
විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා මේ අදහස් ප‍්‍රකාශ කලේ අද සුදුවෑන් සංස්කෘතියක් නැවත ඇති වීමට එරෙහිව අතුරුදහන්වුන්ගේ පවුල් එකතුව, වීදියේ විරෝධය හා නිදහසේ වේදිකාව එක්ව සංවිධානය කළ උද්ඝෝෂණයෙන් පසුව විදේශ අමාත්‍යවරයා වෙත සංදේශයක් භාරදීමට පැමිණි අවස්ථාවේ එම සංදේශය බාරගැනීමෙන් අනතුරුව පැමිණ සිටි දෙමාපියන් හා සිවිල් සංවිධාන නියෝජිතයන් අමතමනි.

සුදු වෑන් වහා නවතන ලෙසත්, මීට අදාල නිලධාරීන් හෙලිදරව් කරන ලෙසත් ඉල්ලා අද දින ජාතික සංවාදය අමත්‍යංශය අසලින් ආරම්භ වූ මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය, යුරෝපීය සංගමය, එක්සත් ජාතීන්ගේ මූලස්ථානය, අගමැති කාර්්‍යාලය, ජනාධිපති ලේකම් කාර්්‍යාලය, විදේශ කටයුතු අමාතංශය හා  ඕනුර් කාර්යාලය ඉදිරිපිට පැවති අතර, මෙම සෑම ආයතනයකට අතුරුදහන්වුන්ගේ පවුල් එකතුව, නිදහසේ වේදිකාව හා වීදියේ විරෝධය එක්ව සැකසූ සංදේශයක් භාරදීම සිදු කරනු ලැබීය.





 




2016-05-10
Advertisement

Find us on Facebook