English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


පෝර්ට් සිටිය ට එරෙහි එක් නඩුවක් අද විභාග කෙරුණි !


පෝර්ට් සිටි ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම තුළින් ධීවර වෘත්තීයට සිදුවන විශාල පාඩුව සඳහන් කරමින් සමස්ථ ලංකා ධීවර සහයෝගීතා සමිති විසින් ඉදිරිපත් කර තිබු මුලීක අයිතිවාසිකම් පෙත්සම, ඊයේ එනම් මැයි 09 වන දා, අගවිනිසුරු කේ. ශ‍්‍රී පවන් සහ කේ. පී චිත‍්‍රසිරි යන විනිසුරුවරුන් ඉදිරියේ් දි ශ්‍රේෂ්ඨාධිකරණයේදි කැඳවා තිබුණි.

මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කළ සමස්ත ලංකා ධීවර සහයෝගීතාවයේ සභාපති අරුන රොෂාන්ත අයිතිය ට කථා කරමින් මෙසේ සඳහන් කළේය.

අද නඩුව කථා කිරීමේදි, චීන සමාගම වෙනුවෙන් පෙනී සිටිය නීතිඥයා කියා සිටියේ අපේ පෙත්සම කල්ඉකුත් වෙලා කියලා විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයට හැකියාවක් නැහැ කියල විරෝධතාවක් දැක්වුවා.

නමුත් ඊට පිළිතුරු දුන්න අගවිනිසුරුවරයා කියා සිටියා, මහජන සුබසාධනය වෙනුවෙන් ඉදිරිපත් වෙච්ච මුලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සමක් නිසා ඒ විරෝධතා සැළකිල්ලට ගැනීම අවශ්‍යතාවක් නැහැ කියා.

ඒ වගේම එතුමා කීවා, ධීවර ප‍්‍රජාව විසින් තමන් මුහුණ පා ඇති ගැටළුවක් සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ කරුණු දක්වන අවස්ථාවක එය බැහැර කරන්නට බැහැ කියා.




පොර්ට් සිටි ව්‍යාපෘතිය මගින් පරිසර නීතිය උල්ලංඝණය වෙන්නේ කෙසේද කියා සංස්ක්‍ෂිප්ත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට අගවිනිසුරුවරයා විසින් පෙත්සම්කාර පාර්ශවයට නියමකර තිබෙි.

ජුනි මස 17 වෙනිදා යළිත් අදාළ පෙත්සම විභාග කිරීමට නියමිත බව අරුන රොෂාන්ත අයිතියට ප‍්‍රකාශ කළේය.

-  මෙලනි



2016-05-10
Advertisement

Find us on Facebook