English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


සුදු වෑන් විරෝධී උද්ඝෝෂණය හෙට
ජාතික සමගිය හා සංහිදියා ගොඩනැගීමේ කි‍්‍රයාවලියට සෘජු ලෙස බලපාන නැවත ආරම්භ වෙමින් පවතින  සුදු වෑන් සංස්කෘතිය වහා නතර කරන ලෙස හා මීට අදාල පුද්ගලයන් හෙලිදරව් කරන ලෙසත් ඉල්ලා  සුදු වෑන් සංස්කෘතියට එරෙහි විරෝධතා පෙත්සම් භාර දීම හා උද්ඝෝෂණ හෙට (මැයි 10) දින ස්ථාන 5 දී පැවැත් වීමට කටයුතු යොදා තිබේ.

සිවිල් සංවිධාන නායකයන් හා අතුරුදහන්වුවන්ගේ පවුල්වල ඥාතීන් සහභාගී වන මෙම වැඩසටහන අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව, විදියේ විරෝධය හා නිදහසේ වේදිකාව විසින් සංවිධානය කරනු ලබයි.

හෙට උදේ 9.30 රාජගිරිය බුත්ගමු පාරේ පිහිටා ඇති ජාතික සංවාද පිළිබද අමාත්‍යංශය අසලින් ආරම්භ වන මෙම වැඩසටහන ඉන් පසුව කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි යුරෝපීය සංගම් මුලස්ථානය හා එක්සත් ජාතීන්ගේ මුලස්ථානය ඉදිරිපිටත් ඉන් පසුව උදේ 11.30 කොළඹ, මල් පාරේ පිහිටි අගමැති කාර්්‍යාලය වෙතත් ඉන් පසුව දහවල් 1.00 විදේශ කටයුතු අමාත්‍යංශය වෙතත් පැමිණීමට සැලසුම් කර තිබේ.

අවසානයේ සවස 2.30ට කොළඹ ජනාධිපති ලේකම් කාර්්‍යලය වෙත පැමිණ මෙම විරෝධතා පෙත්සම භාරදීමටත් ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීමටත් නියමිතව ඇති බව එහි සංවිධාකයෙකු අයිතිය වෙත පැවසීය.






2016-05-09
Advertisement

Find us on Facebook