English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


සොයුරන් ගේ අතුරුදහන් වීම ගැන පැමිණිලි කළ කාන්තාවට තර්ජන !

වසර නවයකට ඉහත දී අතුරුදහන් සිය සහෝදරයන් දෙදෙනා පිළිබඳව අතුරුදහන්වීම් සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත්කර තිබෙන ජනාධිපති කොම්සම හමුවේ පැමිණිලි කළ රතු කුරුස සංවිධානයට අනුබද්ධ ක්‍රියාධාරිනියකට රජයේ ආරක්ෂක අංශ වෙතින් තර්ජන එල්ල වී තිබේ.

අතුරුදහන්වීම් සම්බන්ධයෙන් සොයා බැලිම සදහා මැක්ස්වෙල් පරණගම හිටපු විනිසුරුවරයාගේ සභාපතින්වයෙන් යුත් කමිටුව හමුවේ මන්නාරමේදී සාක්ෂි ලබාදීමෙන් අනතුරුව රජයේ බුද්ධි අංශ නිලධාරීන් විසින් දිගින් දිගටම තමාට තර්ජන එල්ල කරන බවට  මන්නාරමේ පදිංචි එම කාන්තාව විසින් පැමිණිලි කර ඇත්තේ මන්නාරම පුරවැසි කමිටුව හමුවේය.‍

මෙලෙස රජයේ ආරක්ෂක අංශ වල තර්ජනයට ලක්ව  ඇත්තේ රතු කුරුස සංවිධානය සමග එක්ව අතුරුදහන්වුවන් සෙවීම වෙනුවෙන් කටයුතු කරන ජේ. ජෙගයෝදීස්වරන්  බවයි ගගන මන්නාරම වාර්තාකරු පවසන්නේ.‍

අතුරුදහන්වුවන්ගේ පවුල් වල සාමාජිකයන් වෙනුවෙන් රතු කුරුස සංවිධානය විසින් මන්නාරම වංගාලේ ප්‍රදේශයේදී 5 බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත රැස්වීමක කටයුතු සංවිධානය කිරීම වෙනුවෙන් ඊට පෙරදා එම ස්ථානයට ගොස් සිටි අවස්ථාවේ නාවික හමුදාවේ බුද්ධි අංශ නිලධාරීන් තමාගේ නිවසට පැමිණ තිබෙන බවට ඇය පැමිණිලි කර තිබේ.

නිවසේ දරුවන් පමණක් රැදී සිටින විටදී 04 බදාදා රාත්‍රි 7.30 ට පමණ නිවසට පැමිණි නාවික හමුදාවේ බුද්ධි අංශ නිලධාරීන් ලෙස හඳුන්වා දුන් පිරිසක් තමන්ගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බව පවසා ඔවුන්ගේ දුරකථන අංකයක්ද දරුවන්ට ලබා දී ඇති බවට ඇය මන්නාරම පුරවැසි කමිටුව හමුවේ පැමිණිලි කර ඇති බවයි ගගන මන්නාරම වාර්තාකරු වැඩි දුරටත් පවසන්නේ.

සිය වැඩිමහල් සහෝදරයා 2007 දී සුදු වෑන් රථයකින් පැහැරගෙන ගිය අතර එම වසරේදීම සිය මල්ලීද මන්නාරම වංගාලේ පිහිටි හමුදා කඳවුර වෙත රැගෙන යනු තමන් දුටු බවත් එතැන් සිට ඔහු ආගිය අතක් නැති බවයි ඇය කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පවසා ඇත්තේ.

උපුටා ගැනීම - Radio Gagana
- Melani



2016-05-09
Advertisement

Find us on Facebook