English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


රණවිරුවන් මෙන් ම යුද්ධයෙන් මිය ගිය දමිළ ජනතාව සැමරීමත් යුතුකමක් !
2009 වසරේදි අවසානය දුටු යුද්ධයේදි මිය ගිය සහ තුවාල ලැබූ රජයට අයත් හමුදාවන් අනුස්මරණය කරන්නේ නම්, එම යුද්ධයේදී ම මිය ගිය සියලූම දමිළ ජාතිකයින් ද සැමරීමට පියවර ගැනීම සංක‍්‍රාන්ති යුක්තියේ නාමයෙන් වර්තමාන ආණ්ඩුව විසින් ඉටුකළ යුතු වගකීමක් යැයි මානව හිමිකම් ක‍්‍රියාධර සුන්දරම් මහේන්ද්‍රන් පවසයි.

ජාතීන් අතර සංහිදියාව ගොඩනැංවිය යුතු නම් වර්තමාන ආණ්ඩුව කළයුත්තේ මීට පෙර වසරවලදී මෙන් නොව, මුල්ලිවයික්කාල් මෙන්ම උතුරේ මෙන්ම නැගෙනහිර ද, පැවති යුද්ධයෙන් ජීවිතක්‍ෂයට පත් දමිළ ජාතින්ගේ ඥාතින්ව ද සැමරීමට අවසර ලබා දිය යුතු බවයි.


සුන්දරම් මහේන්ද්‍රන්

සිය රණවිරුවන් අනුස්මරණය කිරීමෙහිලා සදා ඇති ස්මාරකයන් මෙන්ම යුද්ධයෙන් මිය ගිය සමස්ත දමිළ ජනතාව අනුස්මරණය කරනුවස් උතුරේ ජනතාවට ද එවැනිම ස්මාරකයක් සාදා දීම සංහිදියාව වෙනුවෙන් ගනු ලබන එක් පියවරක් වනු ඇතැයි ද මහේන්ද්‍රන් පවසයි.

යුද්ධයෙන් පීඩාවට පත්වී සිටින, තවමත් කඳවුරු ආශ‍්‍රීතව විරැකියාව හා දරිදුතාවය තුළ ජීවත්වන දමිළ ජනතාවට සිය මිය ගිය ඥාතීන් වෙනුවෙන් ස්මාරක සෑදීමට කිසිදු ආර්ථීක හයිය්යක් නොමැති බව ඔහු පවසයි.

-    මෙලනි




2016-05-09
Advertisement

Find us on Facebook