English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
සුදු වෑන් නැවත එපා උද්ඝෝෂණය කොළඹ දී
(2016-05-06)

<< Go Back
Share |   


රාජ්‍ය ආරක්ෂාව හෝ වෙනත්  ඕනෑම හේතුවක් මත පුද්ගලයෙකු නීතිඥාණුකූලව අත්අඩංගුවට ගැනීමේ හැකියාව  ඕනෑ තරම් තිබිය දී නැවතත් පැරණි ආකාරයට මනුෂ්‍ය සමාජය තුළ මර බිය ඇති කරමින්, ජනවාරි 08 ජනතා ජයග‍්‍රහණය ආපසු හැරවීමේ අරමුණෙන් ආරක්ෂක අංශ හෝ වෙනත් කිසියම් පාර්ශවයක් විසින් කරනු ලබන නීති විරෝධී පැහැර ගැනීම් වහා නවත්වන ලෙසට රජ්‍ය ප‍්‍රධානීන්ගේ ඉල්ලා සිටින උද්ඝෝෂණයක් මැයි 10 වන දින කොළඹ දී පැවැත් වීමට කටයුතු යොද තිබේ.



පසුගිය දින අම්පාර දිස්ති‍්‍රක්කයේ සුදු වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් පුද්ගලයෙකු පැහැරගෙන යනු ලැබූ අතර ඊට දින කිහිපයකට පසුව ඔහු ත‍්‍රස්ත විමර්ශණ ඒකකය විසින් අත්අඩංගුවට ගත් බව ප‍්‍රකාශ විය. මානව හිමිකම් කොමිසමේ ති‍්‍රකුණාමලය කාර්යලය වෙත පැමිණි පුද්ගලයෙකු තමන් පැහැරගෙන යාමට කණ්ඩායමක් තමන් පසු පස එන බවට මානව හිමිකම් කාර්යාලයට පැමිණිලි කරමින් සිටිය දී පැමිණ පිරිස ඔහු එම කාර්යලය තුල දී බලහත්කාරයෙන් කොමිසමේ නිලධාරීන් ඉදිරිපිට දී පැහැරගෙන ගොස් තිබුනි. පසුව පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගත් බව ප‍්‍රකාශ කරනු ලැබීය.

මේ ආකාරයෙන් පසුගිය රජය සමයේ කි‍්‍රයා කළ ආකාරයෙන් සමහර ආරක්ෂක අංශ නිලධාරීන් විසින් සිදු කරන මෙවැනි කි‍්‍රයාවන් වහා නතර කරන ලෙසට බල කිරීම සදහා මෙම උද්ඝෝෂනය පැවැත් වීමට සැලසුම් කර තිබේ. නිදහසේ වේදිකාව හා විදියේ විරෝධය, අතුරුදහන්වුන්ගේ පවුල් එකතුව හා එක්ව මෙම උද්ඝෝෂණය සංවිධානය කරයි.









Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.