English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
උතුරේ තැනූ පූට්ටු ගෙවල් භාවිතයට නුසුදුසු බවට වාර්තාවක් !
(2016-04-29)

<< Go Back
Share |   



ඉන්දියානු ආධාර යටතේ උතුරු ප්‍රදේශයේ ඉදිකළ පූට්ටු ගෙවල් ව්‍යාපෘතිය අසාර්ථක බවට මෙරට විශේෂඥ කණ්ඩායමක් විසින් ඉදිරිපත් කළ වාර්තාවකින් හෙළිවී තිබෙනවා. එම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ නිසි ප්‍රමිතියෙන් තොර මෙම ගෙවල් කිසිසේත්ම මිනිස් වාසයට සුදුසු නොවන බවයි.

මොරටුව විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රියාන් ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුක්ත කණ්ඩායමක් මගින් මෙම වාර්තාව සකස් කර තිබේ. එම කණ්ඩායමේ සෙසු සාමාජිකයන් වන්නේ මොරටු විශ්වවිද්‍යාල සිවිල් ඉංජිනේරු අංශයේ ආචාර්ය රංගික හල්වතුර මහතා සහ වාස්තු විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වරුණ ද සිල්වා මහතාය.
 
එම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ සාමාන්‍ය නිවාසයක් තැනීමට යන වියදම මෙන් දෙගුණයක් මෙම නිවාසයක් තැනීම සඳහා වියදම් වී ඇතත් එම නිවාසවල ආයු කාලය ඉතා කෙටි බවයි. එසේම නිවාස සකස් කර ඇති ආකාරය අනුව කිසිසේත් අලුත් වැඩියා කිරීමට හෝ පුළුල් කිරීමට නොහැකි බවයි.
 
මිනිස් වාසය සඳහා අවශ්‍ය වාතාශ්‍රය නිවාස තුළට ලැබෙන පරිදි සකස් කර නොමැති බව ද එම වාර්තාවෙන් හෙළිවේ.
 
මෙම නිවාස ඉන්දියානු ආධාර යටතේ ඉන්දියානු සමාගමක් විසින් ම ඉදිකර ඇති අතර සමස්ත වියදම ඇමරිකානු ඩොලර් කෝටි 20 කට වඩා අධිකය. 
 
මෙම නිවාස මිනිස් වාසයට කිසිසේත් සුදුසු නොවන බවට පසුගිය කාලයේ දිගින් දිගටම කරුණු දැක්වූ අතර උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා ද ඒ සම්බන්ධයෙන් අදහස් පළකර තිබිණි. කෙසේ වෙතත් පුනරුත්ථාපන හා නැවත පදිංචිකිරීමේ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා දිගින් දිගටම පෙන්වා දුන්නේ මෙම නිවාස ප්‍රමිතියෙන් යුක්ත බවයි.

                                      උපුටා ගැනීම - Lanka News Web
-  මෙලනි






Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.