English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
අනවසර ගිනි අවි භාර නොදුන්නොත් වැඩ වරදියි !
(2016-04-27)

<< Go Back
Share |   



තමන් සන්තකයේ ඇති ගිනි අවි රජයට භාර දෙන ලෙසටත් එසේ භාර දීමේදි කිසිඳු ප‍්‍රශ්න කිරීමකට ලක්නොකරන බවටත් ඒ වෙනුවෙන් ගිනි අවියේ් වටිනාකමට සරිළන මුදල් දීමනාවක් ද ගිනි අවිය අයත් පුද්ගලයා හට තිළිණ කරන බවටත් දන්වා සිටිමින් පසුගියදා රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කළේය.

නියමිත කාලසීමාව තුළදි ගිනි අවි භාර නොදෙන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා රට පුරා මෙහෙයුමක් ක‍්‍රියාත්මක කරන බව ආරක්‍ෂක කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රුවන් ව්ජේවර්ධන ප‍්‍රකාශ කළේය.

මෙම කාලසීමාවෙන් පසුව, භාර නොදෙන ගිනි අවි සම්බන්ධයෙන් බුද්ධි අංශ සහ ජනතාවගෙන් ලැබෙන තොරතුරු උපයෝගිකර ගනිමින් පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව වැටලිම් සිදුකරනු ලබන බව අමාත්‍යවරයා සඳහන් කරයි.   

පසුගිය කාලය තුළදී රට තුළවිටෙන් විට වාර්තා වුණු නොයෙක් ආකාරයේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා මුළු මනින්ම පාලනයකර යහපත් සමාජ වාතාවරණයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ජනාධිපතිවරයා විසින් මෙම පියවර ගත් බවයි අමාත්‍ය රුවන් ව්ජේවර්ධන ප‍්‍රකාශ කළේ.

අපේ‍්‍රල් මස 25 වෙනිදා සිට මැයි මස 06 දක්වා කාලය තුළදි අනවසරයෙන් භාවිතාකරන සියලූම ගිනි අවි භාර දිය යුතු අතර, එම අවි සඳහා රුපියල් 5000/- සිට 25000/- දක්වා තිළිණ මුදලක් ගෙවනු ලබන බව ආරක්‍ෂ රාජ්‍ය අමාතා්‍යවරයා නිකුත්කළ නිවේදනයේ සඳහන් වෙයි.

-    මෙලනි







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.