English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
පැරදුණු නායකයකුට මෙහෙම සලකන රටක්‌ ලෝකෙ කොහෙවත් නෑ -ජනපති කියයි
(2016-04-11)

<< Go Back
Share |   




"ජනාධිපතිවරණයෙන් පරාජය වූ මහින්ද මහත්තයාට කැමැති කැප්ටන්ලා, කර්නල්ලා, බ්‍රිගේඩියර්ලා තෝරාගෙන ගෙදර යන්න ඉඩ දුන්නා. ඒ මැතිවරණයෙන් මම පරාජය වුණා නම් මට එහෙම යන්න දෙයිද?" ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එසේ පැවසුවේ පසුගියදා බිබිල ශ්‍රී.ල.නි. පක්‍ෂ ආසන බලමණ්‌ඩලයට පැමිණ සිටි සාමාජික සාමාජිකාවන් අමතමිනි. බිබිල ආසනයේ ශ්‍රීලනිප සංවිධායක වාරිමාර්ග අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතාගේ සංවිධානත්වයෙන් රැස්‌වීම පැවැත්විණි. ජනාධිපතිවරයා එහිදී මෙසේ ද කීය.

මහින්ද මහත්තයා එදා ගෙදර ගියේ වෙඩි නොවදින අලුත් රථවලින්. මම අද පාවිච්චි කරන්නේ මහින්ද මහත්තයා පාවිච්චි කරපු පරණ වෙඩි නොවදින රථයක්‌. පරාජය වූ නායකයකුහට මේ විධියට සලකන රටක්‌ ලෝකයේ කොතනක හෝ තිබෙනවාද?

පසුගිය මැතිවරණ දෙක ශ්‍රීලනි පක්‍ෂයට ජයග්‍රහණය කිරීමට නොහැකි වූයේ ඇයි කියලා පාක්‍ෂිකයන් කොතෙක්‌ දුරට සාකච්ඡා කර තිබෙනවාද? මෙය තේරුම් නොගෙන නැවත වරක්‌ ජාතික මැතිවරණයකට ගිහින් ජයග්‍රහණය කළ හැකිදැයි සොයා බලන්න ඕනෑ.

අවුරුදු 13 ක්‌ මම ඇමැතිවරයෙක්‌ ලෙස ඉඳලා එළියට ගියා. හිටපු ජනාධිපතිවරයා පසුගිය ජනාධිපතිවරණය තියන්න ඕන කියපු වෙලාවේ මම කිව්වා තියන්න එපා කියලා. ඒක ගණන් ගත්තේ නෑ. අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්‌කරණ නොකර මැතිවරණයකට යන්න එපා කියලා මම කිව්වා. එදා ජනපතිවරණය නොතිබ්බා නම් මහින්ද මහත්තයාට 2016 නොවැම්බර් දක්‌වා බලයේ ඉන්න තිබුණා.

තව අවුරුදු 2 ක්‌ බලයේ ඉන්න තිබියදී මහින්ද මහත්තයා මැතිවරණයකට ගියේ ශාස්‌ත්‍රකාරයන්ගේ කීම අහලා කියලා සමහර අය කියනවා. ශාස්‌තර කාරයන් කියන ආකාරයට කටයුතු කරන්න තරම් මහින්ද මහත්තයා සිහි කල්පනාව නැති කෙනෙක්‌ නොවෙයි.

ඒ මැතිවරණයට යන්න හේතු 2 ක්‌ තිබෙනවා. ඉන් පළමුවැන්න 2015 මාර්තු මස මානව හිමිකම් කොමිසමේ වාර්තාව එළියට එනවා. දෙවැන්න ඒ වන විට රටේ ගොඩ නැගෙමින් තිබූ ආර්ථික අර්බුදය. මෙවැනි බරපතළ තත්ත්වයන් තේරුම් ගෙන මැතිවරණයට ගියා.

මම දිනපු නිසා මහින්ද මහත්තයා විදුලි පුටුවෙන් ද ෆොන්සේකා මහතා යුද අධිකරණ චෝදනාවලින් ද බේරාගන්න හැකිවුණා. විදුලි පුටුව කෙසේ වුණත් මහින්ද මහත්තයයි ෆොන්සේකා මහත්තයයි පාර්ලිමේන්තුවේ කුෂන් පුටුවල ඉන්දවන්න මට හැකිවුණා.

සමහරුන් කතා කරනවා අපේ පක්‍ෂයේ ආණ්‌ඩුවක්‌ හදන්න ඕනෙ කියලා. ආණ්‌ඩුවක්‌ හදන්න කලින් පක්‍ෂය හදන්න ඕන. හොඳ ආණ්‌ඩුවක්‌ හදන්න හොඳ පක්‍ෂයක්‌ තියෙන්න ඕන. සමහර අය කියනවා මම දුර්වල පාලකයෙක්‌ කියලා. දුර්වල නම් කොහොමද මහින්ද මහත්තය පැරද්දුවේ?

පක්‍ෂය පැරදුණේ ඇයිද කියලා 2013-2014 වර්ෂවල පරණ පත්තර අරන් කියවලා බලන්න. ඒ කාලයේ ස්‌ත්‍රී දූෂණ, මංකොල්ල කෑම්, මිනීමැරුම් කොච්චර සිදුවුණාද? මේවා සිදුකළේ කවුද කියලා ජනතාව දන්නවා.

තංගල්ල හෝටලයකදී සුදු ජාතික කාන්තාවක්‌ දූෂණය කළා. ඇගේ ස්‌වාමිපුරුෂයා ඝාතනය කළා. මම කිව්වා තංගල්ල සභාපතිවරයා ඉවත් කළ යුතුයි කියලා. ඒක එදා සිටි නායකයා ගණන් ගත්තේ නෑ. ඉවත් කළ යුතුයි කියලා යවපු ලියුම සුසිල් ප්‍රේමජයන්ත මහත්තයයි මමයි එදා ඉල්ලා අස්‌කර ගත්තා.

බිබිල - ඡේ. තල්වත්ත සහ බඩල්කුඹුර - රවිඳු ගුණතිලක

උපුටා ගැනීම - Divaina

-
මෙලනි






Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.